දෙරණ සිනමා සම්මාන – ජනප්‍රියම නළුවා – තීරණය ඔබේ
දෙරණ සිනමා සම්මාන 07 වැනි වරටත් පැවැත්වෙන බව ඔබ මේ වනවිට හොඳින්ම දන්නවා. සිනමා සම්මාන උළෙලේ ජූරිය විසින් තීරණය කරන සම්මාන කාණ්ඩයට අමතරව ජනප්‍රිය කාණ්ඩය නමින් තවත් සම්මාන කිහිපයක් ප්‍රධානය කෙරෙනවා. ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය, ජනප්‍රියම දුෂ්ට නළුවා, ජනප්‍රියම විකට නළුවා සහ ජනප්‍රියම ගීතය යන සම්මාන ප්‍රධානය කෙරෙන්නේ ප්‍රේක්ෂක ඔබේ මනාපය අනුවයි. මේ සඳහා ඔබේ මනාපය පලකිරීමට දැන්, ඔබට අවස්ථාව තිබෙනවා.
ජනප්‍රියම නළුවා සඳහා වන නිර්දේශිත නාමයන් මේ සමගින් ඔබට ඉදිරිපත් කෙරෙනවා. SMS මගින් ඔබට ඔබේ මනාපය පලකිරීමට හැකියාව තිබෙනවා. cinema.lk වෙබ් අඩවිය හරහාද ඔබේ මනාපය පලකිරීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇති.
Written by Nisanka Weheraduwa