නවක අධ්‍යක්ෂකවරුන් එකොළහක් යාපනය තරඟ බිමේ – JaffnaICF
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ Debut Films අංශය නියෝජනය කරමින් රටවල් රැසක වෘතාන්ත සිනමාපට 11ක් තරඟ වැදෙනවා.
ශ්රී ලංකාව නියෝජනය කරමින් නදී වාසලමුදලිආරච්චි අධ්යක්ෂණය කළ Pantrum සිනමාපටයත් මේ සඳහා තේරීපත් වී තිබෙනවා.
මීට අමතරව විමුක්ති ජයසුන්දර නිෂ්පාදනයෙන් එක්වූ, ඉන්දු – ලංකා නිෂ්පාදනයක් වන Sad Letters of an Imaginary Woman සිනමාපටයත්, Paravaathi නැමැති ප්රංශ – ශ්රී ලංකා චිත්රපටයත් මෙම අංශයෙන් දැකගත හැකියි.

ඕස්ට්රේලියාව, ඉරානය, පාකිස්තානය, නේපාලය, ඉන්දියාව ඇතුලු කලාපයේ විවිධ රටවල සිනමාපට රැසක්ම මීට ඇතුලත් වනවා.
11 වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙල එලඹෙන දෙසැම්බර් 30 වනදා සිට ජනවාරි 4 දක්වා පැවැත්වීමට නියමිතයි.
Written by Kavinu Weerakkody
