නවතම ද්‍රවිඩ සිනමාපටයක් නිකුත්වෙයි
දකුණු ඉන්දීය සිනමාවට නව නිර්මාණ බිහිවන්නේ ඉතා වේගයෙන්. වැඩිමනක් වාණිජ සිනමාපට වන මේවා වෙනුවෙන් එක්වන රසික පිරිස අති විශාලයි. එක සිනමාපටයක් නිකුත් වන තුරු බලා සිටින ප්‍රේක්ෂක පිරිසක් දකුණු ඉන්දීය සිනමාව වටා එකතුවී සිටිනවා. දෙසැම්බර් 14 වැනිදා නිකුත් වන නවතම සිනමාපටය Maayavan සඳහාත් ඒ වගේම දැටි ප්‍රේක්ෂක උනන්දුවක් පවතින බව කොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. Science fiction, crime, mystery, thriller යන කාණ්ඩ ගණනාවකට අයත් වන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කලේ C.V.Kummar විසින්. Sundeep Krishan, Lavanya Tripathi මෙහි ප්‍රධාන චරිත නිරුපනය කරනවා. සෙසු චරිත සඳහා Daniel Balaji සහ Jackie Sharoff රංගනයෙන් දායක වනවා.
Written by Nisanka Weheraduwa