නෙලුම් කුලුන අලුත් කළ සිංහල සිනමාවේ ආදායම් වාර්තා මෙන්න! – Tentigo

Avatar Kavinu Weerakkody | June 8, 2025 187 Views 3 Likes 0 Ratings

187 Views 0 Ratings Rate it

ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ, හිරණ්‍යා පෙරේරා නිෂ්පාදනය කළ නෙලුම් කුලුන (Tentigo) සිංහල සිනමාපටය දින 80 පසු කරමින් තවමත් දිවයින පුරා සිනමාහල් රැසකදී තිරගත වනවා.

මේ වනවිට චිත්‍රපටයේ ආදායම වාර්තාගත රුපියල් කෝටි 25කට අධිකයි. මේ සමඟින් ලාංකීය සිනමාවේ Box Office ආදායම් වාර්තා රැසකුත් අලුත් කරන්නට නෙලුම් කුලුන චිත්‍රපටයට හැකියාවක් ලැබී තිබෙනවා.

  • සිංහල සිනමාපටයක් එක් දිනකදී වාර්තා කළ වැඩිම ආදායම – රුපියල් මිලියන 16.7
  • සතියක් තුළ නැරඹූ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව – 128,233ක්
  • පළමු දින 30 තුළ දිවයින පුරා Houseful දර්ශන වාර 600කට වැඩි වාර්තාවක්
  • විදේශ රටවල් 21කදී සාර්ථකව ප්‍රදර්ශනය විය:
    ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඉතාලිය, එස්ටෝනියාව, ෆින්ලන්තය, ජපානය, දකුනු කොරියාව, ප්‍රංශය, ඇමරිකාව, එංගලන්තය, බ්‍රසීලය, නයිජීරියාව, ස්කොට්ලන්තය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය, නේපාලය, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ ජර්මනිය
  • ඕස්ට්‍රේලියාවේ දින 30කදී ටිකට්පත් 10,000ක් අලෙවි වාර්තාවක්
  • BookMyShow වාර්තා අනුව, සිංහල සිනමාපට අතුරින් වැඩිම ටිකට්පත් අලෙවියක් වාර්තා කළ චිත්‍රපටය
  • ඉන්දියාවට රීමේක් වුනු පළමු ලාංකීය චිත්‍රපටය

  • රාත්‍රී 11.30 දර්ශන වාරය වාර්තාගත ලෙස දින 03ක් Houseful
  • එක් දිනකදී වාර්තා වූ වැඩිම Houseful දර්ශන සංඛ්‍යාව – දර්ශන වාර 82ක්
  • දෙවන සතිය ආරම්භයේදී දිනක වැඩිම දර්ශන වාර ගණනක්:
    PVR – එක් දිනකදී දර්ශනවාර 21ක්
    Scope Cinema (Havelock City Mall) – එක් දිනකදී දර්ශනවාර 17ක්
    Scope Cinemas (ccc) – එක් දිනකදී දර්ශනවාර 15ක්
  • දින 50කට පසුවත් සිනමාශාලා 66ක එක් දිනකට දර්ශන වාර 129ක්
  • ඕස්ට්‍රේලියාවේදී වාර්තාගත ලෙස පැය 24ක් තුළ ටිකට්පත් 1500ක් අලෙවි කිරීම
  • එක් සති අන්තයකදී ඕස්ට්‍රේලියාව පුරා Houseful දර්ශන වාර 28ක ප්‍රදර්ශනයක්
Share

187 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.