නේහා ෂර්මාට තරු විසිවෙයි.

Avatar Cinema.lk A | July 23, 2012 52 Views 0 Likes 0 Ratings

52 Views 0 Ratings Rate it

නේහා ෂර්මා නම් විසි හතර හැවිරිදි සුරූපී තාරකාව බොලිවුඩයට පෑයුවේ ‘කෲක්’ සිනමාපටයෙනි‍.එක්තා කපුර්, අලුත්ම ගිනි සිළුව නේහාට ‘ක්‍යා සුපර් කූල් හේන් හම්’ රංගන වරම උදා කළ විට නේහා පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගියාය. එහෙත් සිනමාපටය තිරගත වීමට ආසන්න වන විට ඇයට තරු විසි වෙන්නට පටන් ගෙන තිබේ.

දෙපැත්ත කැපෙන දෙබස්, සමලිංගික සබඳතා පිරුණු තිර පිටපත නිසා නේහාගේ සිත තදින්ම ගිනි ගෙන තිබේ. ඇය සමඟ මෙහි සාරා ජේන් ඩයස් නිළිය ද රඟන්නීය.

ඇය රැගූ පළමු සිනමාපටය ‘කෲක්’ නේහා යන නිළියට ක්ෂේත්‍රයේ රැඳීමට වරම් ඇති බව කියා පෑවේ සිනමාපටයට යම් තරමක ආදායම් ලබා දෙමිනි.

ක්‍යා සුපර් කූල් හේන් හම්, සරාගී බවත්, හාස්‍ය රසයත් එකට කැටි කළ සිනමාපටයකි. ජූලි 27 වැනිදා සිනමාපටය තිරගත වීමට නියමිතය. නේහා හා එක්තා අතර පවතින මත ගැටුම නිසා සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුවලට ද නේහා සහභාගිකර නොගන්නා බවට රාවයක් පවතී.

Share

52 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.