ප්‍රියංකාට එරෙහිව පකිස්තානයෙන් පෙත්සමක්

Avatar Nisanka Weheraduwa | March 4, 2019 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

ප්‍රියංකා චෝප්රාට එරෙහිව පකිස්තානයේ පෙත්සමක් අත්සන් කෙරෙමින් පවතිනවා. ඉන්දීය නිළි ප්‍රියංකා, ඉන්දීය හමුදාවට සහය පළකරමින් සිය පෞද්ගලික Twitter ගිණුමේ පලකළ පණිවිඩයක් මීට හේතුවී තිබෙනවා.

Priyanka

කෙසේ නමුත් UNISEF Goodwill ambassadress ලෙස නම්කොට ඇති ප්‍රියංකා, මෙලෙස යුද්ධයට සහය පලකරන අන්දමේ මතයක් සමාජගත කිරීම පකිස්තානයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව  තිබෙනවා. ඒ නිසාම ඊට එරෙහිව ප්‍රියංකා එම තනතුරින් ඉවත්කරන ලෙස බලකරමින් Online petition (online පෙත්සමක්) අත්සන් කිරීම ආරම්භ කෙරුනා. කෙසේ නමුත් එම පණිවිඩය ඇගේ පෞද්ගලික අදහස් ප්‍රකාශනයක් බවත් එමගින් යුද්ධයකට අනුබල දීමක් සිදුකොට නොමැති බවත් ඉන්දීය ප්‍රජාවේ අදහස වී තිබෙනවා.  ඒ මගින් කිසිදු ආකාරයක ඇගේ Goodwill ambassadress නාමයට හානිවන යමක් ඇය සිදුකොට නොමැති බව ඔවුන්ගේ මතය වනවා.

කෙසේ නමුත් ප්‍රියංකා මේ වනතෙක් අදාල පෙත්සමට පිළිතුරු දීමක් හෝ twitter පණිවිඩය ඉවත් කරගැනීමක් හෝ සිදුකොට නැහැ.

Share

63 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.