පාංශු – පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය කැනඩාවේදී
නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්, ශ්‍රී ලංකාවේ සිනමාව නාට්‍ය කලාව සමග ගැවසෙන රසිකයින්ට අමුතුවෙන් හඳුන්වාදිය යුතු අයෙක් නොවෙයි. වෘත්තියෙන් මානව හිමිකම් නීතිඥයකු වන විසාකේස නාට්‍යකරණය, සිනමාව ග්‍රන්ථ රචනය ආදී ක්ෂේත්‍ර රැසකින් කලානිර්මාණ ඉදිරිපත් කොට තිබෙනවා. ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය සයපෙති කුසුම චිත්‍රපටය, විවිධ සම්මාන උළෙල නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කීමට සමත් වුනා. විසාකේස නිර්මාණය කළ දෙවැනි චිත්‍රපටය “පාංශු” ගැන මේ දිනවල කතාබහට ලක්වනවා.
“පාංශු” චිත්‍රපටය මගින් ඔහු, මෙතෙක් දේශීය සිනමාවේ ගැඹුරින් ග්‍රහණය කර නොගත් මාතෘකාවක් පිළිබඳව සාකච්චාවට ලක් කෙරෙනවා. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සිදුවූ විවිධ අරගල අතරින් 88/89 වර්ෂයන්හි සිදුවූ දේශපාලනික අරගලය පිළිබඳව සහ එහි අතුරු ප්‍රථිපල පිළිබඳව මෙතෙක් සිනමාවෙන් අවධානයක් යොමුව තිබුනේ නැහැ. ඒ හිඩැස පිරවීමට විසාකේසගේ පාංශු චිත්‍රපටයට හැකිවූ බවට මත පලවී තිබුනා. අතුරුදන් කරන ලද සිය එකම පුත්‍රයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අධිකරණයේ පිහිට පතන මවක්, සහ සිය නූපන් දරුවා වෙනුවෙන් ස්වාමියාගේ වැරදි සියල්ලට නීතියේ රැකවරණය සහ හෘදසාක්ෂියේ සමාව අයදින ගැබ්බර බිරිඳක් හරහා භීෂණ සමයේ සමාජ දේශපාලනික ඛේදවාචකය ගොඩනැංවීමට විසාකේස සමත්වුනා.
පාංශු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ එක වරක් පුළුල්තිර මහජන ප්‍රදර්ශනයක් පවත්වා තිබෙනවා. නමුත් එහි පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය සිදුවුයේ පසුගිය සැප්තැම්බර් 01 වැනිදායි. 2018 Montreal world film festival සඳහා සුදුසුකම් ලද පාංශු පසුගිය 01 වැනිදා කැනඩාවේ Cinema Cineplex odeon quartier latin සිනමාහලේදී ප්‍රදර්ශනය කෙරුනා. අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරන් සහ ප්‍රධාන නිළිය නීටා ප්‍රනාන්දු මේ අවස්ථාවට සම්බන්ධව සිටියා. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද සිනමා දර්ශනය සඳහා එක්ව සිටි බව සඳහන්. අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා මොන්ට්‍රියෙල් සිනමා උළෙල පැවැත්වුනා.
Written by Nisanka Weheraduwa







