පුබුදු – ඉසුරු ‘නිච්චි’ රඟපාන්නට සැරසෙයි

Avatar Kavinu Weerakkody | November 23, 2025 17 Views 0 Likes 0 Ratings

17 Views 0 Ratings Rate it

තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන පුබුදු චතුරංග සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි රඟපාන ‘නිච්චි’ නැමැති අලුත්ම සිංහල සිනමාපටයක වැඩ කටයුතු පටන් ගෙන තිබෙනවා.

නිච්චි අධ්‍යක්ෂණය කරන්නේ ලොක්ඩවුන්, නිහඬ සෙවණැලි, වැලිපවුරු වැනි පසුගිය කාලයේ ජනප්‍රිය සිනමාපට රැසක් ඔබ වෙත ගෙනා සුනිල් ප්‍රේමරත්න විසිනුයි. අධ්‍යක්ෂණයට අමතරව කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් ඔහු මෙරට සිනමාපට රැසකට සම්බන්ධ වුනා.

පුබුදු චතුරංග සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟින් නයෝමි තක්ෂිලා – සඳනි ප්‍රනාන්දු – කුමාර තිරිමාදුර – ධනංජි තාරුකා – හරිත් වාසල – නිල්මිණි කෝට්ටෙගොඩ – සුසිලා කෝට්ටගේ ඇතුලු නලු නිලියන් රැසක් නිච්චි සිනමාපටයට රංගනයෙන් එක්වනවා.

සිසිකිරණ පරනවිතාන කැමරාකරණය සිදු කරන මේ චිත්‍රපටයේ තිර පිටපත හරිත් වාසල විසිනි. භාග්‍ය ෆොන්සේකා සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ශාන් අල්විස් සංස්කරණයෙන් එකතු වනවා. ප්‍රියන්ත ඊශ්වර චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියායි. කලා අධ්‍යක්ෂණය උපාලි උදේසිරි යි.

රංග සම්පත් විසින් නිච්චි චිත්‍රපටයේ මූල්‍ය වියදම දරමින් මෙහි නිෂ්පාදනයට එකතු වනවා.

චිත්‍රපටයේ රූගත කිරීම් නුදුරේදීම ඇරඹීමට නියමිතයි.

Share

17 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.