පොලිසිය බොනී කපූර්ගෙන් ප්‍රකාශ ලබාගනියි
ඩුබායි පොලිසිය බොනී කපූර්ගෙන් ප්‍රකආෂ සටහන් කරගනියි. ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ස්වාමියා වන ඔහු ඇගේ මරණය පිලිබඳ නිවැරදි තතු දන්නා එකම පුද්ගලයා වෙයි. ඩුබායිහි Emirates Tower හෝටලයේ ඇය සිටි කාමරයේ සිට ඇත්තේ ඔහු පමණකි. එහෙයින් මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයන් සටහන් කරගැනීමට අවශ්‍ය වූ බව පොලිසිය පවසා ඇත.
අගේ මරණයට හේතුව දියේ ගිලීම බව පළමුව පරීක්ෂණ මගින් අනාවරණය විය. නමුත් ඇගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය අධිකව තිබු බව දෙවනුව සොයාගෙන තිබේ. කෙසේ නමුත් මරණය සම්බන්ධ පැහැදිලි නිගමනයක් තවම ලැබී නැත.
රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 24 පැය පුරාම මළ සිරුර ලබාගැනීම සංධා වෙහෙසෙන බවත් රාජ්‍යතාන්ත්‍රියව මැදිහත්ව අති බවත් පැවසේ. නමුත් මේ වනතෙක් එම කටයුතු අවසන්ව නොමැති බව gulf news පුවත් සේවය වාර්තා කොට තිබිණ. 26 වැනිදා රාත්‍රියේ එම කටයුතු සිදුවෙතැයි අපේක්ෂා කල නමුත් මේ මොහොත (පෙබරවාරි 27 වැනිදා පෙ.ව.6.30) වන විටත් ඒ පිලිබඳ නිවැරදි යමක් gulf news හෝ NDTV වාර්තා කොට නොමැත. අද දිනය තුළ එම කටයුතු සිදුවනු ඇතැයි පමණක් සඳහන් වෙයි.
ශ්‍රීදේවිට සමුදීම සඳහා සිනමා රසිකයින් මෙන්ම සිනමාවේ සමකාලිනයන් රැසක් දිගින් දිගටම මුම්බායිහි ඇගේ නිවෙස වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි
මුලාශ්‍ර : Gulf News
2017 / 02 / 27 – 6.30AM
Written by Nisanka Weheraduwa




