බැංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල ඇරඹේ

Avatar Nisanka Weheraduwa | February 21, 2019 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

ඉන්දියාව තුල ක්‍රියාත්මක පනහකට අධික අන්තර්ජාතික සිනමා උළෙලයන් අතුරින්, ඉන්දියානු (ගෝව), කොල්කටා, මුම්බායි සහ කේරළ යන උළෙලයන්ට හතරට පසුව වැඩිම ජාත්‍යන්තර අවධානයකට නතුවන සිනමා උළෙල ලෙස සැලකෙන බැංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල (Bengaluru International Film Festival) අද දින රාත්‍රියේ බැංගලූරුහී පිහිටි විධාන සෝධා ශාලාවේදී අති උත්සවශ්‍රීයෙන් ආරම්භ වේ.
11 වෙනි වරටත් පැවැත්වෙන බැංගලූරු සිනමා උලෙලේ තිරගත කිරීම උදෙසා මෙවර රටවල් 60 කට අයත් සිනමාපට 225 කට ආසන්න ප්‍රමාණයක් තෝරාගෙන ඇති අතර, එම සිනමාපට හෙට සිට එළඹෙන 28 දක්වා මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ. ඒ අනුව උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) නියෝජනය කිරීමට සුදුසුකම් ලද අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” (The Frozen Fire) සිනමාපටය 22- සිකුරාදා සවස 3.30ට PVR සිනමා ශාලාවේදීත් , අසෝක හඳගමගේ “අසන්ධිමිත්තා” (Asandhimitta) සිනමාපටය 24-ඉරිදා සවස 5.00ට PVR සිනමා ශාලාවේදීත් මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ. මීට පෙර ශ්‍රී ලාංකේය සිනමාපට 08 ක් බැංගලූරු සිනමා උළෙලේ ‘ආසියානු සිනමා තරඟය ‘ නියෝජනය කිරීමට සමත් වුවද, එහිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් වූයේ 2011 වර්ෂයේදී එම අංශය නියෝජනය කල සංජීව පුෂ්පකුමාරගේ “ඉගිල්ලෙන මාළුවෝ” (Flying Fish) සිනමාපටය පමණකි.


සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share

53 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.