බොලිවුඩ් සිනමාවට Deol පියපුතු නැවතත්
පසුගිය අගෝස්තු 31 වැනිදා බොලිවුඩ් සිනමාවට අලුත්ම චිත්‍රපට දෙකක් එකවර නිකුත් වුනා. බොලිවුඩ් සිනමාවට ආදරය කරන සිනමා රසිකයින් උනන්දුවෙන් බලාසිටි චිත්‍රපට දෙකක් මේ. එක චිත්‍රපටයක් ත්‍රාසජනක අත්දැකීමක් සහිත Horror movie ගණයට අයත් වන චිත්‍රපටයක්. Shraddha Kapoor සහ Rajkumar Rao රංගනයෙන් දායක වුනු STREE චිත්‍රපටය ඉන් එකක්. අනික් චිත්‍රපටය දශක දෙකක් තිස්සේ රසිකයින්ට හොඳින් අසා පුරුදු නමක් සහිත චිත්‍රපටයක තුන්වැනි පියවර. Yamla Pagla Deevana චිත්‍රපටය බොලිවුඩ් රසිකයින් අතර ඉතා හොඳින් මතකයේ රන්දුන නමක්. මේ එම චිත්‍රපට මාලාවේ තුන්වැනි පියවර. Yamla Pagla Deevana Phir se ලෙස මෙය නම්කොට තිබෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Navaniat Singh විසින්. බොලිවුඩ් ක්‍රියාදාම කොමඩි චිත්‍රපටයක් ලෙසිනුයි මේ චිත්‍රපටය නම්කොට තිබෙන්නේ. 2013 වසරේ නිපදවුණු Yamla pagla චිත්‍රපටයේ දෙවැනි පියවර වන මෙය සමස්ථ චිත්‍රපට මාලාවේ තුන්වැනි පියවරද වනවා. Sunny Deol සහ Bobby Deol මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ඔවුන්ගේ පියා වුන Dharmendra Deol සමගින්. Kriti Kharbanda චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. Bunty Rathore මෙහි රචකයා වනවා. 31 වැනිදා තිරගත වීම් ආරම්භ වුනු මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 148ක්.
චිත්‍රපටය ආරම්භ වී පළමු දිනයේ අති සාර්ථක අයුරින් තිරගත වෙමින් ආදායම් ලැබූ නමුත් දෙවැනි සහ තුන්වැනි දිනයන්හිදී අනපේක්ෂිත අන්දමින් පසුබෑමකට ලක්ව ඇති බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කොට තිබුනා. ඊට සමගාමිව තිරගත වන STREE මේ චිත්‍රපටය අභිබවමින් ආදායම් ලබමින් තිබෙන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් රසිකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බව සමාජ ජාලා හරහා පලවන වාර්තාවන්ගෙන් දැක්වෙනවා.
Written by Nisanka Weheraduwa
