මධුරි ඩික්සිත්, මධුරා ලෙස ප්‍රථම වරට මරාති චිත්‍රපටයකින්
මධුරි ඩික්සිත් බොලිවුඩ් පුරයේ අතිශය ජනප්‍රිය වුනු නිළියක්. ලොව පුරා හින්දි සිනමා ප්‍රේක්ෂකයින් ඇයට ආදරය කරන්නේ ඇගේ සුන්දරත්වය වගේම රංගන හැකියාව කියන කාරණා දෙකම නිසයි. 90 දශකයේ හින්දි සිනමාවේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන චරිතයක් බවට පත්වුණු මධුරි, අපූරු රංගන සහ නර්ථන හැකියාවක් සහිත ශිල්පිනියක් නිසාම ඇය රඟපෑ බොහෝ චරිත ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී තිබෙනවා. නමුත් කාලයත් සමග ඇය සිනමා රංගනයෙන් ඈත්වෙමින් ඇගේ පවුලේ සහ දරුවන්ගේ කටයුතු වලට මුලිකත්වය දෙමින් වද කළා. ඒ කෙසේ නමුත් ඇයට තිබූ ප්‍රේක්ෂක ආදරය අඩුවක් නොවුනා වගේම ඇය යලිත් සිනමාපටයකින් දැකගන්නට ප්‍රේක්ෂකයන් ඉතා කැමැත්තෙන් පසු වුනා.
මධුරිගේ සිනමා ජීවිතයේ පළමු වරට ඇය මරාති චිත්‍රපටයකින් යලිත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණෙනවා. ඒ දැන් තිරගත වන Bucket List මරාති චිත්‍රපටයෙන්. සාම්ප්‍රදායික ඉන්දියානු ගෘහණියකගේ චරිතයක් ලෙස මධුරා චරිතය ගොඩනැගී තියෙනවා. සිය පවුල සහ පවුලේ වගකීම් වෙනුවෙන් ජීවිතය කැප කළ මධුරාට, තමාව අමතක වන්නේ දිනක් තුළ සිය පවුල වෙනුවෙන් කළ යුතුව ඇති වැඩ ප්‍රමාණය නිසාමයි. මෙහි පුර්ව ප්‍රචාරක පටයේ දැක්වෙන පරිදි ඇයට දිනකදී එකම එළවළුවක් ආකාර හතරකට පිසීමට සිදු වන්නේ පවුලේ එකිනෙකාගේ කැමැත්ත නිසයි. මේ ආකාරයෙන් පවුල වෙනුවෙන් දැඩිව කැපවෙමින් කටයුතු කරන අතර ඇයට හදවත් බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිදු වනවා. සාර්ථකව සැත්කමට මුහුණ දීමෙන් පසුව ඇගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වනවා. මේ අපූරු කතා සංකල්පය සහිත Bucket List චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා.
Prabha Vijay Deoskar අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය Karan Johar නිෂ්පාදන සමාගමේ ඉදිරිපත් කිරීමක්. මධුරි ඩික්සිත්ගේ රංගනය නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන්ට මෙම චිත්‍රපටය නැරඹීමට දැන් අවස්ථාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa
