මාලන් බ්‍රන්ඩෝට සවන්දෙමු
ලොව පුරා විශිෂ්ට කිර්ති නාමයක් හිමිකරගත් හොලිවුඩ් නළු Marlon Brando විසින් රචනා කරන ලද ස්වයං චරිතාපදානය සිංහල භාෂාවට පරිවර්ථනය කොට තිබෙනවා. ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු වන එම.ඩි. මහින්දපාල විසින් මේ කෘතිය සිංහල භාෂාවට ගෙන එනවා. “අම්මා මට කියාදුන් ගී” නමින් මේ පොත සිංහලයට පරිවර්ථනය වී තිබෙනවා. 2018 ජනවාරි මස 05 වැනිදා සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පොත දොරට වැඩුම සිදුකෙරෙනවා. ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ මෙහි මුලික දේශනය සිදුකිරීමට නියමිතයි. Marlon Brandoගේ ජීවිතය අලලා නිර්මාණය වුනු Listen to me Marlon නම් වාර්තා චිත්‍රපටය තිරගත කිරීමත් මේ උළෙලේදී සිදුකෙරෙනවා. සිනමාලෝලි සැමට මේ අවස්ථාවට සහභාගි වීමට හැකියාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa

