මාව විනිශ්චය කරන්න මේ ලෝකේ කාටවත් බැහැ – ෆාදර් මැතිව්
උපුටා ගැනීමකි.
සටහන : කාංචනා ප්‍රියකාන්ත
**********************************************************************
‘According to Matthew’
මාව විනිශ්චය කරන්න ඔබට නොවෙයි මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට බැහැ . ”
මැතිව් පීරිස් උසාවියේ තමන්ට කියන්න දෙයක් තියෙනවානම් කියන්න අවසර ලැබෙන වෙලාවේදී මූණෙ කිසිම හැඟීමක් නැතිව ඉතාම දැඩි අවධාරණයෙන් යුතුව හඬගා කියනවා. ඔහු මොනම අවස්ථාවකදීවත් තමන් සිදු කළ අපරාධය පිළිබඳව පසුතැවෙන වගක් පෙන්වන්නේ නැහැ. මැතිව් චිත්‍රපටය පුරාම මූණෙන් කිසිම හැඟීමක් නොපෙන්වා මැතිව් චරිතය දිව යනවා. ඒ වෙලාවේදී මට හිතුණේ ඔහු රඟපාන්නේ නැත්ද කියලා. කමල් අද්දරආරච්චි හරි, ජැක්සන් ඇන්තනි හරි ශ්‍රියන්ත මෙන්ඩිස් හරි ඒ චරිතය කරානම් මූණෙන් මතුවිය හැකිව තිබුණු හැඟීම් ගැනත් මං කල්පනා කරා. ඒත් සැබෑ මැතිව් පීරිස්ගේ සිද්ධිය සහ චරිතය සම්බන්ධව අන්තර්ජාලයෙන් සහ පුවත්වලින් කියවපු දේවල් අනුව මට හිතුණා ඒ වගේ අපරාධයක් සියුම්ව සැලසුම් කරන්න ඔහු ඉතා සූක්ෂම සහ දැඩි භාවයකින් යුතු පුද්ගලයකු විය යුතුමයි කියලා. ඒ චරිතය ඇතුළේ හැඟීම් විරහිත භාවය ඇරෙන්න වෙනත් කිසිම තැනක මම මැතිව්ගේ මුහුණේ දුක, බය, සතුට හෝ වෙනත් කිසිම හැඟීමක් දුටුවෙම නැහැ. මැතිව් චරිතය චිත්‍රපටය තුළ නිතරම කියන දෙයක් තියෙනවා.. ” විශ්වාස කරන්න..” ඔහු ඒ කිසිම තැනක කිව්වේ දෙවියන්වහන්සේව විශ්වාස කරන්න කියලා නොවෙයි. මොනවා වුණත් මැතිව් පීරිස් චරිතය සුවිශේෂී චරිතයක් කියලා තමයි මට හිතුණෙ.
චිත්‍රපටය පුරා දිවෙන සංගීතය චිත්‍රපටයට වටිනා කමක් එක් කරා මිසක් රසවින්දනයට කිසිම බාධාවක් වුණේ නැහැ. සුරූපී ජැකලින්ගේ පෙනුම චිත්‍රපටයට ආලෝකයක් ගෙනාවා කියලත් හිතුණා. ඇය එහි රඟපාන්නේ ඩැල්රින්ගේ චරිතය ඩැෆ්නි කියන නමින්. . ඉතාම සුළු චරිතයක් නිරූපණය කරත් එහි කන්‍යා සොයුරියගේ චරිතය රඟපෑ නිළියගේ රංගන ප්‍රතිභාව අගය කළ හැකි මට්ටමක තිබුණා. සමහර විට ආරම්භයත් අවසානයත් දන්න අහලා පුරුදු කතාවක් නිසාද මන්දා චිත්‍රපටයේ සිද්දිදාමයන් කිසිම මොහොතක හිතට කම්පනයක්නම් ගෙන ආවේ නැහැ. සිංහලෙන් හඬකවලා තිබුණු ආකාරය ඒකට හේතුවක් වෙන්නත් පුළුවන්. ඉංග්‍රීසි බසින් චිත්‍රපටය බලපු කෙනෙක්ට ඒක නිසා එය දැනෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්.
ඒ චිත්‍රපටයේ වගේම සැබෑ සිද්ධිය තුළත් මා නිරීක්ෂණය කළ දෙය තමයි ඩැල්රින් හෝ ඩැෆ්නි කිසිම අවස්ථාවකදී මැතිව් පීරිස්ව නීතිය හමුවේ පාවා නොදීම. ඒ වගේම මැතිව් පීරිස් ඇයව ආරක්ෂා කිරීමට දරණ තැත . චිත්‍රපටය තුළ හෝ පුවත් පත් ලිපි වල හෝ අන්තර්ජාලයේ කිසිම තැනක ඩැල්රින් හෝ ඩැෆ්නි හට වෙනත් ඥාතින් සිටින බව පෙන්වන්නේ හෝ කියවුණේ නැහැ. ඒක නිසා මැතිව් නිතරම කිව්වා වගේ ඇය ඉතාම දැඩිව තමාට සිටින එකම පිළිසරණ ලෙස මැතිව් පීරිස්ව විශ්වාස කළා වෙන්න පුළුවන්. මැතිව් චරිතය චිත්‍රපටය පුරාම කියනවා වගේ ඒ චරිත සහ සිදුවීම් විනිශ්චය කරන්න කාටවත් අයිතියක් නැහැ කියලා වෙලාවට හිතුණත් මිනිස්සු හැමවෙලේම තමන්ට අයිති වැඩ විතරක්ම කරන්නේ නැහැනේ. තමන් කැමති කෙනෙක්ට ආදරය කරන්න ඕනෙම කෙනෙක්ට අයිතිය තිබුණත් අනිත් අයව මරන්න කාටවත් අයිතියක් කොහේවත් දීලා නැහැ. ඒක නිසා මැතිව් පීරිස් තමන්ට අයිති නැති වැඩ කරනා නිසා ඔහුටත් අනිත් අයගේ විනිශ්චයට ලක්වෙන්න සිදු වෙනවා.
සැබෑ සිදුවීමේදී ඩැල්රින් වසර දෙකකින් නිදහස ලබනවා. මැතිව් පීරිස් වසර දොළහකට පසුව නිදහස ලබනවා.ඒ නිදහස තමන්ට ලැබෙන බවට මැතිව් පීරිස් තුළ දැඩි විශ්වාසයක් තිබිලා තියෙනවා. සත්‍ය අසත්‍යතාවය කුමක් වුවත් හිරෙන් නිදහස්වෙලා මැතිව් පීරිස් ඩැල්රින්ව විවාහ කරගත් බවක් මාංචු පුවත්පතේ ලිපියක සඳහන් වුණා. හිරෙන් නිදහස් වී වසරක් තුළ මැතිව් පීරිස් මිය ගිය බව තවත් පුවත්පතක තිබූ තොරතුරු අනුව පෙනෙනවා. එක් පුවත්පතක ඔහු මිය යන විට වයස හැත්තෑ ගණනක් වූ බවත් තවත් එකක අසූ ගණනක් වූ බවත් සඳහන්ව තිබුණා .
-කාංචනා ප්‍රියකාන්ත –
Written by Nisanka Weheraduwa








