මාසික ඉරාන සිනමා දැක්ම

Avatar Nisanka Weheraduwa | January 2, 2018 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

ඉරාන සංස්කෘතික ආයතනය සංවිධාන කරන මාසික සිනමා දැක්ම 2018 වසරේ ජනවාරි මාසයෙත් පැවැත්වීමට කටයුතු සංවිධාන කොට තිබෙනවා. Reza Mirkarimi විසින් අධ්‍යක්ෂණය කළ So Close, So Far චිත්‍රපටය ජනවාරි මස තිරගත කිරීමට නියමිතයි. ජනවාරි 25 වැනිදා සවස 4.00ට ඉරාන සංස්කෘතික ආයතනයේදී සිනමා දැක්ම පැවැත්වෙනවා. සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සිනමා සංවාද මණ්ඩපයක්ද පැවැත්වෙනවා. සිනමාවේදියකු සිනමා ගුරුවරයකු සහ සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු වන ධනුෂ්ක ගුණතිලක විසින් සිනමා සංවාද මණ්ඩපය මෙහෙයවීම සිදුකෙරෙනවා. #6, Sir Ernest De Silva Mawatha, Colombo 03 යන ලිපිනයේ ඇති ඉරාන සංස්කෘතික ආයතනයට පැමිණ මාසික සිනමා හමුවට සම්බන්ධ වන ලෙස සිනමාලැදි සැමට ඇරියුම් කෙරෙනවා.

 

Share

51 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.