මෙරට ලොකුම බිතු සිතුවමේ හිමිකාරියගේ පාට පිරුණු ලෝකය
මෙතෙක් ලංකාවේ නිර්මාණය වුනු විශාලතම බිතු සිතුවම නිර්මාණය කර තිබෙනවා. දිග සහ පළල සලකා බැලුවහම මෙහි මුළු ප්‍රමාණය වර්ග මීටර් 100ක් පමණ වනවා. විවිධ වර්ගයේ වර්ණ බොහොමයක් මේ වැඩේට පාවිච්චි කළ බවයි නිර්මාණවේදිනිය කියන්නේ. මුලික වර්ණ කිහිපයක් අරගෙන ඒවා පාවිච්චි කරමින් විවිධ වර්ණ හදාගත් බවත් ඇය කියනවා.
ඇය යසෝදරා පථන්ජලී. ඇය උපත ලබන්නේ ශ්‍රී ලාංකීය දෙමාපිය යුවලකට වුනත් ලංකාවේදී නම් නෙමෙයි. ඇය ඉපදී හැදී වැඩෙන්නේ එංගලන්තෙයේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික කලාකාරිනියක් විදිහට තමයි ඇය, ඇයවම හඳුන්වන්නේ. දැන් අවුරුදු කිහිපයක සිට ඇය ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණ තිබෙනවා. රාජගිරිය ප්‍රදේශයේ ඇගේ නිවසේ තාප්පය මේ විදිහට විශාල සිතුවමකින් හැඩ කරන්න ඇය තීරණය කරලා තියෙන්නේ විනෝදයට. ඒත් ඒ වැඩේ නොසිතූ තරම් සාර්ථක වූ බවයි ඇය කියන්නේ. ඇය සමග cinema.lk කළ සංවාදය ළඟදීම YouTube හරහා රසවිඳින්න ඔබට හැකිවේවි. මේ රූගත කිරීම් අතරතුර කාච සටහන් පෙළක්.
සේයා : දෙනෙත් අංජන
Written by Nisanka Weheraduwa