මෙවර CSR මාසික සිනමා දැක්මෙන් According to Matthew
වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘CSR කලා කෙත’ මගින් සංවිධානය කරනු ලබන සිනමාවේදී චන්ද‍්‍රන් රත්නම් ගේ ‘එකොර්ඩින්ග් ටු මැතිව්ස්’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් කතිකාවක් මාර්තු 23 වන සෙනසුරාදා සවස 1.00 සිට ( චිත‍්‍රපට ප‍්‍රදර්ශනයද සමග ) මරදාන ඞීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විජිත් රොහාන් (ක‍්‍රිස්තියානි අධ්‍යයන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය), මාධ්‍යවේදී මහින්ද නාමල් (සංස්කාරක – ‘කිතුසර’ විකල්ප කතෝලික පුවත්පත), මාධ්‍යවේදී තිළිණ අලහකොන් ( (හිටපු) මුද්‍රණාල විධායක, පරිගණක හා නිර්මාණ අංශ ප‍්‍රධානී ‘ඥානාර්ථ ප‍්‍රදීපය’ නිල කතෝලික සභා පුවත්පත), මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ ( මාධ්‍යවේදී /විචාරක ‘දේශය’ පුවත්පත) යන විද්වතුන් සහභාගී වන අතර මෙම විද්වත් සිනමා කතිකාව මෙහෙයවනුයේ ප‍්‍රවීන නිවේදක නුවන් ජූඞ් ලියනගේ මහතා විසිනි. සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධය එ්කකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය කෙටි චිත‍්‍රපට සංගමය’ හා ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’ මගිනි.
Written by Nisanka Weheraduwa