මෝටර් බයිසිකල් චිත්‍රපටය තවත් අන්තර්ජාතික ඇගයීමකට
ශමීර රංගන නිර්මාණය කළ ඔහුගේ පළමු සිනමාපටය “මෝටර් බයිසිකල්” 2016 වර්ෂයේ ලංකාවේ තිරගත වුනා. ප්‍රේක්ෂක ප්‍රසාදය වගේම ජාතික මට්ටමේ සම්මාන රැසක් විවිද සම්මාන උළෙල වලදී මේ චිත්‍රපටයට හිමිවුනා. හොඳම අධ්‍යක්ෂවරයා ලෙසින් සම්මාන උළෙල කිහිපයකදීම ශමීර රංගන සම්මානයට පත්වුනා. ඒ වගේම හොඳම නළුවා, හොඳම සංගීතය, හොඳම ගායනය ඇතුළු සම්මාන රැසක් විවිධ කාණ්ඩයන් යටතේ මේ චිත්‍රපටයට හිමි වුනා.
ජාත්‍යන්තර සම්මාන උළෙල කිහිපයක්ම නියෝජනය කළ “මෝටර් බයිසිකල්” එම සම්මාන උළෙලවලදීද සම්මානයට පාත්‍ර වුනා. ශමීර රංගනට තවත් ජාත්‍යන්තර ඇගයීමක් ලැබුණු බවට පසුගියදා වාර්තා වුනා. ඒ Kazan අන්තර්ජාතික මුස්ලින් සිනමා සම්මාන උළෙලේදියි. පසුගිය සැප්තැම්බර් 4 වැනිදා සිට 10 වැනිදා දක්වා රුසියාවේ කසාන් නුවරදී පැවැත්වුණු මේ චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට ශාමිරගේ මෝටර් බයිසිකල් චිත්‍රපටයට හැකිවුනා. එහිදී රුසියානු විචාරක සංසදය විසින් පිරිනැමෙන ඩිප්ලෝමා සම්මානය දිනා ගැනීමට ශමීර සමත්ව තිබෙනවා.
ශමීර රංගන වෙනුවෙන් එම සම්මානය NETPAC සාමාජික සර්ජි අනාශ්කින් විසින් ලබාගෙන තිබුනා. රුසියාවේ KAZAN international Film Festival හිදී ඇගයීමට ලක්වුණු මෝටර් බයිසිකල් චිත්‍රපටයට සහ එහි අධ්‍යක්ෂ ශමීර රංගනට cinema.lk සුබපැතුම්..
Written by Nisanka Weheraduwa