In My City – Priyanka Chopra – EXCLUSIVE FULL VIDEO
සුරූපී නිළි ප්රියංකා චොප්රා රංගනයට අමතරව තවත් අලුත් කාර්යයකට අත ගසා තිබෙනවා.ඒ තමයි ගීත ගායනය. ප්රියංකා මීට මාස කිහිපයකට පෙර ගීත එකතුවකට ගීත කිහිපයක් ගායනා කළා. දැන් ඒ ගීත ඇතුළත් සී.ඩී.තැටිය වෙළෙඳපොළට නිකුත් කිරීමට සියල්ල සූදානම් කර අවසන්. එය ඉන්දියාව තුළ පමණක් නොවෙයි පිටරටවල පවා අලෙවි කරන්නටයි ප්රියංකා සැලසුම් කරලා තියෙන්නේ.කෙසේ වෙතත් නුදුරේදීම ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට ඇගේ මෙම ගීත ශ්රවණය කරන්නට හැකි වේවී.
ඇය ගායිකාවක ලෙස දොරට වැඩීමේ ප්රීතිය නිමිත්තෙන් ප්රියංකා චොප්රාගේ උපන් ගම වු උත්තර් ප්රදේශ් ප්රාන්තයේ බරීලි නම් වූ දිස්ත්රික්ක පුරපතිවරයාගෙන් ප්රියංකාට සුහද ඇරයුමක් ලැබුණා.ඒ ඇය වෙනුවෙන් බරීලි වැසියන් විසින් සංවිධානය කරන ලද උපහාර උත්සවයකට සහභාගී වන ලෙසයි. ප්රියංකා වෙනුවෙන් මේ උපහාර උත්සවය පැවැත්වුණේ සැප්තැම්බර් 13 දායි.මීට ප්රථමත් ඇගේ ගමේ උදවිය ඇය වෙනුවෙන් උපහාර උත්සවයක් පැවැත්වූවා. ඒ, 2000 අවුරුද්දේ ප්රියංකා ලෝක රූ රැජන කිරුළ දිනාගැනීම නිමිත්තෙන්. මේ දවස්වල ප්රියංකා කොපමන කාර්ය බහුලව හිටියත් තමන් උපන් ගමට යන්න නම් එයා අමතක කළේ නැහැ.
Written by Cinema.lk A