රන්ජන්,අර්ජුන්, බුද්ධික පළමුවරට රිදී තිරයේ
රන්ජන් රාමනායක, අර්ජුන් කමලනාත්, බුද්ධික ජයරත්න පළමුවරට රිදී තිරයේ මුණගස්වමින් රජ හොරු සමඟ ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස්ගේ පුත්‍රයා වන සුරංග ද අල්විස් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙයි. රජ හොරු ඔහුගේ කුලුඳුල් සිනමා සිතුවමයි.
ඉවොක් සිනමා සමාගමේ ඉදිරිපත් කිරීමක් වන මෙහි නිෂ්පාදකවරුන් ලෙස ලහිරු වික්‍රමසිංහ සහ ප්‍රසාද් රොද්‍රිගෝ කටයුතු කරති.මෙය කෝටිපති ව්‍යාපාරිකයකුගේ මුනුපුරකු පැහැර ගැනීමක් ගැන කියවෙන කතාවකි.
සඳුන් විජේසිරි, නදීකා ගුණසේකර, රොනී ලීච්, හිමාලි සිරිවර්ධන, හේමන්ත ඊරියගම, ආරියසේන ගමගේ, සමන්ති ලැනරෝල්, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, නන්දන හෙට්ටිආරච්චි, දමිතා සළුවඩන, සමන් පද්මකුමාර, අර්ඩ්ලි වෙදමුණි ඇතුළු පිරිස රංගනයෙන් දායක වේ.
ප්‍රසාද් අමරසේකර සහ නිශාන්ත වීරසිංහ රජ හොරු හි සහාය අධ්‍යක්ෂවරුන් වේ. සරත් ද අල්විස් සංගීත නිමැවුමෙන් එක් වෙයි. උරේෂා රවිහාරි සමඟ සංඛ දිනෙත් ගායනයෙන් දායක වෙති.සමන්ත මායාදුන්න සටන් අධ්‍යක්ෂවරයායි. සමන් පද්මකුමාර කලා අධ්‍යක්ෂණයෙන් ද, සුජිත් (ෂැගී) කැමරා අධ්‍යක්ෂණයෙන් ද, අනිල් මල්ලවආරච්චි නිශ්චල ඡායාරූපකරණයෙන් ද මේ සඳහා සහභාගි වීමට සූදානමිනි. ප්‍රවීණ් ජයරත්නට රජ හොරු හි සංස්කරණය භාර දී තිබේ.
Written by Cinema.lk A