උමාලි ගේ ජපන් චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය ලඟදීම

Avatar Cinema.lk A | July 23, 2012 60 Views 0 Likes 0 Ratings

60 Views 0 Ratings Rate it

උමාලි තිලකරත්න රඟපෑ ජපානයේ අති දැවැන්ත සිනමා පටයක් වූ ෆයිනල් ජජ්මන්ට් චිත්‍රපටයේ ශ්‍රී ලාංකික පූර්ව ප්‍රචාරක පටය රූගැන් වූයේ ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක ලලිත් පන්නිපිටියයි. මෙම පූර්ව ප්‍රචාරක පටය නිර්මාණය කළේ අන්තර් ජාල ස්කයිප් තාක්ෂණය ඔස්සේය.

ලංකාවේදී ළඟදීම තිරගතවන මෙම චිත්‍රපටය සඳහා ජපානයේ නිර්මිත ප්‍රචාරක පටයට වඩා දිගු එකක් තැනීමට උවමනා වුණේ එම චිත්‍රපටය මෙරටදී මුදා හැරෙන මල්ටි මීඩියා සොලියුෂන් ආයතනයේ මනුර ඒකනායකගේ සැලසුමකට අනුවය.

වෙනත් විදේශ බලවේගයකින් මුළු මහත් ජපානයම ආක්‍රමණය කරන බිහිසුණු සිදුවීමක් උපකල්පනය කරමින් ගොඩනැඟී ඇති ෆයිනලි ජජ්මන්ට් චිත්‍රපටයේ අලුත් ප්‍රචාරක පටය ළඟදීම අන්තර් ජාලයට මුදා හැරීමට නියමිතයි.

Share

60 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.