රන්බීර් – ආලියා ප්‍රේමය හෙළිකරයි
බොලිවුඩ් නළු රන්බීර් කපූර් බොලිවුඩයේ වගේම ලෝකය පුරාමත් බොලිවුඩ් රසිකයින් අතර අතිශය ජනප්‍රිය චරිතයක්. බොලිවුඩයේ ජනප්‍රිය කලා පවුලකින් පවත එන ඔහු රංගනය පිලිබඳ නිසි හැදෑරීමකින් පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසුණු අයෙක්. රන්බීර් සහ එවැනිම ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන ආලියා බාත් අතර අති ප්‍රේම සම්බන්ධයක් ගැන බොලිවුඩය පුරාම දිගින් දිගටම කටකතා පැතිරෙන්නට වුනා. විවිධ කතා නිර්මාණය කරමින් මේ දෙදෙනාගේ නම් ඈඳා ගනිමින් පුවත් ප්‍රචාරය කෙරුණු වාර බොහෝයි.
ඒ සියල්ලටම පිළිතුරු ලබාදෙමින් රන්බීර් සමාජ ජාල හරහා සිය ප්‍රේමය හෙළිකොට තිබුනා. ඊයේ (මැයි 31 වැනිදා) රන්බීර් සිය Instagram ගිණුම හරහා මේ බව පවසා තිබුනේ ඔවුන් දෙදෙනාගේ චායාරුපයක්ද පල කරමින්. තමා සහ ආලියා අතර ප්‍රේමයක් පවතින බවත් එය තවදුරටත් කටකතා සඳහා මාතෘකාව නොවිය යුතු බවත් ඔහු එම සටහනින් පවසා තිබුනා.
1982 වසරේ සැප්තැම්බර් 28 වැනිදා උපත ලැබූ රන්බිර්ගේ වයස අවුරුදු 35ක්. ජනප්‍රිය චරිතාංග නළු රිෂි කපූර් සහ නීටා සිං යන යුවලගේ පුතු ලෙස මුම්බායි නගරයේ උපත ලැබූ ඔහු 2007 වර්ෂයේ නිර්මාණය කළ සංජය ලීලා බන්සාලිගේ SAAWARIYA චිත්රපටයීන් සිනමා රංගනයට පිවිසුනා. ඔහු කිහිප වරක් ෆිල්ම් ෆෙයා ඇතුළු සම්මාන කිහිපයක් දිනාගෙන තිබෙනවා.
තවත් දක්ෂ බොලිවුඩ් සිනමාකරුවකු වන Mahesh Bhatt සහ බොලිවුඩ් නිළි Soni Razdan යන යුවලගේ දියණිය ලෙස ආලියා බාත් (Alia Bhatt) උපත ලබන්නේ 1993 වර්ෂයේ මාර්තු 15 වැනිදා. 1999 ළමා නිළියක ලෙස SANGHARSH චිත්‍රපටයට දායක වන ප්‍රධාන චරිතයක් හරහා සිනමාවට පිවිසෙන්නේ 2012 වර්ෂයේ Karan Johar නිර්මාණය කළ Student of the year චිත්‍රපටයෙන්. එහි රාධා ලෙස අපූරු රංගනයක යෙදෙමින් ආලියා රසික සිත් දිනාගැනීමට සමත් වුනා. බ්‍රිතාන්‍යයේ පුරවැසිබව හිමි ආලියා බ්‍රිතාන්‍ය ගායිකාවක සහ නිළියක ලෙසින් ප්‍රචලිතයි. මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය හෙළි කරීමත් සමග ඕපාදුප කටකතා නිර්මාණය කළ මාධ්‍ය සහ වෙබ් අඩවි සියල්ල නිහඬ වී අති බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා.
Written by Nisanka Weheraduwa