ධර්ම යුද්ධයට ප්‍රධාන සම්මාන 03ක් – මෙරට සිනමා සම්මාන නව මානයකට

Avatar Nisanka Weheraduwa | June 1, 2018 235 Views 0 Likes 0 Ratings

235 Views 0 Ratings Rate it

ධර්ම යුද්ධය චිත්‍රපටය දෙරණ සිනමා සම්මාන උළෙලේදී සම්මාන හතරක් දිනා ගැනීමට සමත් වුනා. වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය (Blockbuster movie of the year) ලෙස සම්මානය දිනා ගැනීමට සමත් වුනේ ධර්ම යුද්ධය චිත්‍රපටයයි. එම සම්මානය පිරිනැමුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ දත්ත සටහන් අනුව බව පැවසුනා. මිට අමතරව ජූරියේ නිර්දේශ මත පිරිනැමෙන ප්‍රධාන සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කීමට මෙම චිත්‍රපටය සමත් වුනා. වසරේ හොඳම සහය නළුවා ලෙස සම්මානය දිනා ගත්තේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ රංගනයේ යෙදුනු කුමාර තිරිමාදුර රංගන ශිල්පියා. ඔහු සමග නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබුනේ “සුළඟ ගිනි අරන්” චිත්‍රපටයේ රංගනයේ යෙදුනු රොෂාන් රවින්ද්‍ර සහ විසිඅට චිත්‍රපටයේ රඟපෑ සරත් කොතලාවලයි. මේ අතුරින් සම්මානලාභියා වීමට කුමාර තිරිමාදුර සමත් වුනා.

වසරේ හොඳම නළුවා ලෙස මෙවර සම්මානයට නිර්දේශ වීමට විසිඅට චිත්‍රපටයේ රඟපෑ මහේන්ද්‍ර පෙරේරා, ධර්ම යුද්ධයේ ජැක්සන් ඇන්තනි සහ ප්‍රේමය නම් චිත්‍රපටයේ ශ්‍යාම් ප්‍රනාන්දු සමත් වුනා. ඒ අතුරින් සම්මානය දිනා ගත්තේ ධර්ම යුද්ධයේ රංගනයේ යෙදුනු ජැක්සන් ඇන්තනි රංගන ශිල්පියායි. එම චිත්‍රපටයේම රඟපෑ දිල්හානි අශෝකමාලා ඒකනායක, විසිඅට චිත්‍රපටයේ සුද්දී ලෙස රංගනයේ යෙදුනු සේමිණි ඉද්දමල්ගොඩ, සහ ප්‍රේමය නම් චිත්‍රපටයේ රඟපෑ සමනලී ෆොන්සේකා වසරේ හොඳම නිළිය ලෙස සාමනයට නිර්දේශිත වී තිබුනා. ධර්ම යුද්ධයේ රඟපෑ දිල්හානි ඒකනායක ඒ අතුරින් වසරේ හොඳම නිළිය ලෙස අභිෂේක ලබන්නට සමත් වුනා.

මෙලෙස ධර්ම යුධය චිත්‍රපටය සම්මාන උළෙලේදී ලබාගත්  සමස්ත  සම්මාන සංඛ්‍යාව හතරක්. ඉන්දියාවේ මලයාලම් සිනමාවේ පළමුව නිර්මාණය කෙරුණු චිත්‍රපටය ඉන් පසුව භාෂා කිහිපයකින් නිර්මාණය වුනා. කන්නඩ තෙලිඟු, ද්‍රවිඩ, හින්දි වැනි භාෂාවන්ගෙන් නිෂ්පාදන කිහිපයකින් අනතුරුව එය ධර්ම යුද්ධය ලෙස සිංහලෙන් නිර්මාණය කෙරුනා. කෙසේ නමුත් සම්මාන උළෙලක ප්‍රධාන සම්මාන අතරට එක්වීමට වානින්ජ ගනයේ සිනමාපටයක් සමත් වීම විශේෂත්වයක්. මෙරට සිනමා සම්මාන ඉතිහාසයේ එය සුවිශේෂී ලෙස සටහන් වන බව සිනමා විචාරකයින්ගේ මතයයි.

Share

235 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.