ලාංකිකයෙකු අතින් තැනුණු හොලිවුඩ් චිත්‍රපටය
අද අපි කතා කරන්නේ ලංකාවෙන් බිහි වෙලා ජාත්‍යන්තර සිනමාව ජය ගත් දක්ෂ තරුණයෙක් ගැනයි.ඔහු නමින් ශ්‍රීනාත් රාමලිංගම්.මේ අපුරු තරුණයා අපට සුවිශේෂී වන්නේ ඔහු විසින් නිර්මාණය කරනු ලැබු හොලිවුඩ් චිත්‍රපටය නිසාවෙනි. Trapped in Abys ලෙස නම් තබා ඇති මෙම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය අද දින (25) අන්තර්ජාලයට මුදා හැර තිබේ.සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක අඩංගු අංගෝපාංග සියල්ලකගෙන්ම සමන්විත මෙම චිත්‍රපටයේ කතා තේමාව ත්‍රාසය පිරි එකකි.
දැනට චෙන්නාහි වෙසෙන රාමලිංගම් මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ තෝමස් විදුහලෙනි.පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව චිත්‍රපට ක්ෂ්‍රේත්‍රයට පිවිසි ඔහු සංස්කරණ ශිල්පියෙකු වශයෙන් හොලිවුඩයේ නිෂ්පාදන සමාගමක සේවයේ නිරත වී අතරම සිනමා ක්ෂ්‍රේත්‍රයට අදාළ තවත් රැකියා කිහිපයකම පළපුරුද්ද ලබා ඇත.ඇමරිකා එක්සත් ජනපදයෙන් සිනමාව පිළිබදව උපාධියක් ලබා ඇති මොහු මුළු මහත් ශ්‍රී ලාංකාවටම අභිමානයක් ගෙන දුන් තරුණයෙකි.
Written by Cinema.lk A
