වසරේ ආදරණීයම අසම්මතය – අද (පෙබ. 01) සිට
“Ek Ladki Ko Dekha toh Aisa Laga” මේ නම හින්දි සිනමා ලෝලීන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවෙයි. ඒ තරමටම මේ චිත්‍රපට ගීතය දශකයේ අතිශය ජනප්‍රිය වුනා. ඒ මතකයත් එක්කම අලුත් සිනමා අත්දැකීමක් විඳින්න අද (පෙබරවාරි පළවැනිදා) සිට අවස්ථාව ලැබෙනවා.
Sweety බොහොම කෙළිලොල් දඟකාර යෞවනියක්. ඇගේ පියා සහ පවුලේ අනිකුත් අයත් බොහොම විනෝදයෙන් කාලය ගත කරන පිරිසක්. නමුත් මේ අය හදිසියේ තීරණය කරනවා ඇයට ගැලපෙන විවාහයක් කරදෙන්න. නමුත් ඇගේ හිත තිබෙන්නේ වෙනත් තැනක. ඇය ආදරය කරන්නේ තවත් තරුණියකට. මේ අසම්මත ආදරයට ඇගේ පියා ඉඩ දෙයිද..? අගේ පියාගේ ප්‍රේම සම්බන්ධය ඇය අනුමත කරයිද..? මේ සියල්ලට පිළිතුරු තියෙන්නේ අද සිට තිරගත වන Ek ladki ko dekha toh aisa laga නැත්නම් HOw I felt when I saw a girl චිත්‍රපටයේ.
Shelly Chopra Dhar අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ sweety කියන ප්‍රධාන චරිතය රඟපාන්නේ Sonam Kapoor. අනිකුත් චරිත සඳහා Anil Kapoor, Rajkumar Rao, Juhi Chaula, Regina Cassandra, Akshay Oberoi රංගනයෙන් දායක වනවා. විනාඩි 120ක කාලයක් පුරා දිවෙන චිත්‍රපටය රසවත් ගීත සහ අපුරු සංගීතයෙන් හැඩවී තිබෙනවා.
Written by Nisanka Weheraduwa