විද්‍යාගේ රඟපෑම් සහිත නවතම සිනමාපටය Tumhari Sulu
විවිධ තේමාවන්ගේ සිනමා නිර්මාණ නරඹන ප්‍රේක්ෂක පිරිස් ලෝකය පුරාම එක ලෙසින් හඳුනාගත හැකියි. වෙනස් සිනමා රසඥතා සහිත සිනමා රසිකයින් වෙත අලුත්ම සිනමාපට පිලිබඳ තොරතුරු ගෙන ඒමට අපි කටයුතු කරනවා. ඉන්දියාවේ සිනමා කර්මාන්තය දැවැන්ත ක්ෂේත්‍රයක්. ඒ නිසාම වසරකට සිනමාපට විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වනවා වගේම ඒවා විවිධ ක්ෂේත්‍ර සහ තේමාවන් නියෝජනය කරනවා. Thumhari Sulu ඉන්දියාවේ නිෂ්පාදනය වුන නවතම විනෝදාත්මක වෘතාන්ත චිත්‍රපටයක් .
සුලූ සාමාන්‍ය මධ්‍යම පාන්තික ගෘහණියක්. රේඩියෝව සමග සම්බන්ධතා පවත්වන ඇයට ඉතා අහඹු ලෙස රේඩියෝ නාලිකාවක රාත්‍රී සේවා මුරයේ ලෙස වැඩ කරන්න අවසථාවක් ලැබෙනවා. මේ සිද්දි මාලාව සහ ඇගේ අලුත් පිවිසුම සමග නිවාස තුළ පවුලේ ඇගේ භූමිකාව වෙනස්වන අයුරුත් මේ සිනමාපටය හරහා සාකච්චා කෙරෙනවා. සරල විනෝදාත්මක වගේම යටිපෙළ වෙනත් සංවාදයකුත් මේ සිනමාපටයට අන්තර්ගත බව නිෂ්පාදක කණ්ඩායම පවසා තිබුනා. කෙසේ නමුත් Tumhari Sulu, නොවැම්බර් 17 වානිදා සිට නරඹන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙන බව සඳහන්.
Tumhari Sulu සිනමාපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය Suresh Triveniගෙන්. Vidya Balan මෙහි සුලූ ලෙස ප්‍රධාන චරිතයට දායක වී තිබෙනවා. Manav Kaul, Neha Dupia මේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිත ද්විත්වයක් රඟපානවා. Tumhari Sulu තවත් සති දෙකකින් ලෝකය පුරා සිනමා රසිකයින්ට රසවිඳින්නට අවස්ථාව හිමිවනවා.
Written by Nisanka Weheraduwa