විමුක්ති ජයසුන්දරගේ Secrets of a Mountain Serpent ඉන්දීය චිත්‍රපටය වැනීස් සිනමා උළෙලට යයි
මෙරට සිටින ප්‍රවීණ සිනමාකරුවෙකු වන විමුක්ති ජයසුන්දර නිෂ්පාදනයෙන් එක්වුනු “Secrets of a Mountain Serpent” ඉන්දියානු චිත්‍රපටය, වැනීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ ප්‍රදර්ශනය සඳහා තේරී පත්වී තිබෙනවා.
විමුක්ති ජයසුන්දර විසින් මෙම සිනමාපටය නිර්මාණය කර තිබෙන්නේ, නව පරපුරේ සම්මානනීය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන නිධි සක්සේනා සමඟයි.

Secrets of a Mountain Serpent චිත්‍රපටය ඉන්දියාවේ උත්තරාඝාණ්ඩ පළාත මුල් කර ගනිමින්, යුද්ධයෙන් පසු බිඳ වැටුණු කාන්තා ජීවිතයක මානසික ආතතිය, ඉවසීම සහ දරාගැනීම මෙන්ම පුරාණ ඇදහිලි පිළිබද ගැඹුරු විමර්ශනයක් වටා දිවෙනවා.
මෙය නිධි සක්සේනාගේ දෙවැනි දිගු චිත්‍රපටය වන අතර Sad Letters of an Imaginary Woman නමින් මීට පෙර තවත් චිත්‍රපටයක් ඇය විසින් අධ්‍යක්ෂණය කළා.
Secrets of a Mountain Serpent චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා Venice Biennale College Cinema ව්‍යාපෘතිය සඳහාත් තේරීපත් වුනා. මෙය 2016 වසරේදී තෝරාගත් “Hotel Salvation” චිත්‍රපටියෙන් පසු, Biennale College මඟින් ආධාර ලැබූ පළමු ඉන්දීය සිනමා කෘතිය වීමද විශේෂත්වයක්.

🎥 නිෂ්පාදන කණ්ඩායම සහ ශිල්පීන්
•අධ්‍යක්ෂණය: නිදි සක්සේනා
•නිෂ්පාදනය: විමුක්ති ජයසුන්දර (2005 Cannes Camera d’Or ජයග්‍රාහී)
•සිනෙමටෝග්‍රාපි: විකස් උර්ස්
•නිර්මාණාත්මක සැලසුම්කරු: අව්නි ගොයල්
•සංස්කරණය: සමන් ඇල්විටිගල
•ශබ්ද පරිපාලනය: නීරාජ් ගෙරා
•වර්ණ සංයෝජක:Bridge Postworks
•රංගනයෙන් සහභාගී වන ශිල්පීන්: අදිල් හුසෙයින්, ට්‍රිමාලා ආධිකාරි, පුෂ්පේන්ද්‍ර සිංහ්, රිචා මීනා
මෙම චිත්‍රපටය ඉන්දියාව, ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සම – නිෂ්පාදනයක් වන අතර, සක්සේනා සහ විමුක්ති ජයසුන්දර අතර කලාත්මක සහයෝගිතාවක් මත පදනම්ව නිර්මාණය වූවකි.
“පර්යේෂණාත්මක සිනමා කෘතියක් වන මගේ චිත්‍රපටය වඩාත් සාර්ථකව යථාර්ථයක් බවට පත් කරගැනීමට විමුක්ති ජයසුන්දරගෙන් ලද සහය ඉතා ප්‍රශංසනීයයි”
චිත්‍රපටයේ සාර්ථකත්වයට විමුක්ති ජයසුන්දරගෙන් ලැබුනු සහයෝගය ගැන සක්සේනා පැවසුවේ එලෙසයි…

82 වන Venice Film Festival ජාත්‍යන්තර සිනමා උළෙල 2025 අගෝස්තු මස 27 සිට සැප්තැම්බර් 6 දක්වා පැවැත්වෙන අතර “Secrets of a Mountain Serpent” චිත්‍රපටයේ පළමු ලෝක දැක්ම එහිදී තිරගත කිරීමට නියමිතයි.
Secrets of a Mountain Serpent සිනමාපටය ඉන්දියානු කලා ශිල්ප සහ ඔවුන්ගේ උරුමය මෙන්ම, නූතන හා අද්‍යතන සමාජය අතර පවතින ගැටුම පිළිබද මනාව විදහා දක්වන විශිෂ්ට නිර්මාණයක් ලෙසයි, විචාරකයන් අදහස් ඉදිරිපත් කර තිබෙන්නේ….
Written by Kavinu Weerakkody
