“වෛෂණාවී” තිරගත වීම් ඇරඹෙයි
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සංකල්පයකට අනුව සුමිත්‍රා පීරිස් විසින් නිර්මාණය කළ වෛෂණාවී චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරුනා. 2010 වර්ෂයේ පමණ නිර්මාණය කොට ඇති මේ චිත්‍රපටයේ තිර රචනාව සිදුකොට ඇත්තේ ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ විසින්. මනෝහන් නානායක්කාර විසින් චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබෙනවා. තුමිඳු දොඩන්තැන්න, යශෝධා විමලධර්ම, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, ඇතුළු නළු නිලියන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයා වන අතර චමත් පරණවිදාන සංස්කාරකවරයා වනවා. වසන්ති චතුරාණි, රෝහණ බැද්දගේ, ටෝනි රණසිංහ මේ සඳහා රංගනයෙන් දායක වූ සෙසු ශිල්පින් අතර වනවා. නිමල් මෙන්ඩිස් සංගීත නිර්මාණයෙන් දායකවී තිබෙනවා.
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සිනමාවේදියාගේ 99 වැනි ජන්ම දිනය අප්‍රේල් 05 වැනිදාට යෙදී තිබුනා. එදිනම මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කිරීමේ මංගල දර්ශනය පැවැත්වුයේ එතුමන්ගේ උපන් දිනය සැමරීම වෙනුවෙන්. කොළඹ රීගල් සිනමා ශාලාවේදී එම මංගල දර්ශනය පැවැත්වුනා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ඒ සඳහා සහභාගිවී තිබුනා.
Written by Nisanka Weheraduwa