ශ්‍රීදේවිගේ මළසිරුර නිදහස් කරයි – අද සවස මුම්බායට
ශ්‍රීදේවිගේ මළ සිරුර පිලිබඳ සිදුකළ පරීක්ෂණ සියල්ල ආසානයේ අදාළ ලිපිගොනු මිට සුළු මොහොතකට පෙර නිකුත් කළ බව NDTV රුපවාහිනි නාලිකාව පවසයි. මිට සුළු මොහොතකට පෙර (2018/02/27 සවස 2.40ට) මෙම පුවත වාර්තා කරයි. ඩුබායි රාජ්‍යයේ සිට එම රුපවාහිනී නාලිකාවේ වාර්තාකාරිනිය මේ බව නිවේදනය කොට තිබෙනවා. අදාල ලියකිලිවිලි සියල්ල නිකුත් කළ බවත්, මේ මොහොත වනවිට මළ සිරුර පවුලේ ඥාතින් වෙත නිකුත් කිරීමට පියවර ගත බවත් සඳහන් වනවා. පවුලේ ඥාතින් මළ සිරුර එම්බාම් කටයුතු සඳහා රැගෙන යාමට සුදානම් වන බව සඳහන්. එම්බාම් කටයුතු සඳහා පැය 1.5ක් (මිනිත්තු 90ක්) ගතවන බව සඳහන් වනවා. ඉන් අනතුරුය්ව සිරුර මුම්බායි වෙත රැගෙන ඒමට නියමිතයි. ඒ සඳහා විශේෂ පෞද්ගලික ගුවන් යානයක් සුදානම් කොට තිබෙනවා. ඒ අතරතුර ඇගේ විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කිරීම ඇතුළු ලිපි කටයුතු කිහිපයක් සිදුකළ යුතු බවත් එම කටයුතු ඉතා ඉක්මනින් අවසන් කරගත හැකි බවත් රාජතාන්ත්‍රික නිළධාරින් ඒ සඳහා යුහුසුළුව කටයුතු කරන බවත් සඳහන් වනවා. මේ වනවිට පොලිස් මුලස්ඨාන මෘත ශරිරාගාරයෙන් මළ සිරුර පිටතට රැගෙන ඒමට සුදානම්.
මුලාශ්‍ර : Gulf News, NDTV,
2018 / 02 / 27 ප.ව. 2.40
Written by Nisanka Weheraduwa
