ශ්‍රීදේවිගේ සිරුර තවමත් පොලිස් මෘතශරීරාගාරයේ
ඉන්දීය නිළි ශ්‍රීදේවි පසුගිය 24 වනිදා රාත්‍රියේ මියගියා. ඒ ඩුබායි රාජ්‍යයේ Emirates Tower හෝටලයේ කාමරයක් තුළදීයි. මෘත ශරීරය එහි සිට ඩුබායි පොලිස් මුලස්ථානයේ මෘත ශරීරාගාරය වෙත ගෙනගොස් තිබුනා. කෙසේ නමුත් අවශ්‍ය ලිපි ලේඛන සකස් කොට මළ සිරුර ඉන්දියාව වෙත රැගෙන යාමට ඔවුන් අපේක්ෂා කළේ 25 වැනිදා සවස් යාමයෙයි. නමුත් මේ වනතෙක් එම කටයුතු අවසන් කරගැනීමට ඔවුනට හැකියාව ලැබී නැහැ.
මේ අතර ඊයේ එනම් 26 වැනිදා ඇගේ මළ සිරුර සම්බන්ධ පරීක්ෂණ වල වැදගත් සාධකයක් හෙළිකර ගැනීමට ඩුබායි රජයේ පරීක්ෂණ කණ්ඩායම් සමත්ව තිබුනා. අධික ඇල්කොහොල් සාන්ද්‍රණය නිසා නාන බේසම මත ඇද වැටුණු ඇය විසඥ වීම හෙතුඑන් දියේ ගිලී මිය යන්නට ඇතැයි ඔවුන් නිගමනය කොට තිබුනා. කෙසේ නමුත් දිගින් දිගටම මේ පරීක්ෂණ සිදු කෙරෙනවා. ඒ කටයුතු අවසන් වන තෙක් මළ සිරුර එම්බාම් කටයුතු සඳහා රැගෙන යාමට අවසර ලබාදී නොමැති බව gulf news පුවත් සේවය වාර්තා කළා.
නිතිය පිලිබඳ සහ අධිකරණ කටයුතු බාර ආයතන නිළධාරින් අවශ්‍ය ලියකියවිලි මෙතෙක් නිකුත් කොට නොමැති බවත් සඳහන් වනවා. ඉන්දීය Consul general වරයා මේ පිළිබඳව gulf news වෙත ප්‍රකාශයක් ලබාදී තිබුනා. එම කාර්යාලයේ නිළධාරින් තවමත් අදාළ දෙපාර්තමේන්තු කාර්යාලයේ සුදානමින් පසුවන බවත් මෙතෙක් කිසිදු සුභවාදී තොරතුරක් නොලැබුණු බවත් ඔහු සඳහන් කොට තිබුනේ 27 වැනිදා පෙ.ව.10.30ට ලබාදුන් ප්‍රකාශයක් මගින්. අදාල අවශ්‍යතා සම්පුර්ණ වූ වහාම එම ලිපිලේඛන පොලිස් මුලස්තානයේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් එම්බාම් මධ්‍යස්ථානය කරා දේහය රැගෙන යාමට ඔවුන් සුදානමින් ඇති බව ඔහු තහවුරු කළා. ඉන් අනතුරුව පෞද්ගලික ගුවන් යානයක් මගින් සිරුර ඉන්දියාව බලා රැගෙන ඒමට නියමිතයි. කෙසේ නමුත් මේ වනතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව consul general විපුල් ප්‍රකාශ කොට තිබෙනවා.
“We are still waiting for information from the Bur Dubai police station about the clearance. They will inform us when they receive it from the public prosecution” ඔහු ගල්ෆ් පුවත් සේවයට පවසා තිබුනා.
Written by Nisanka Weheraduwa
