ශ්‍රීදේවි මියගියේ බිමත්ව සමබරතාව අහිමිවිමෙන්ද..??

Avatar Nisanka Weheraduwa | February 26, 2018 45 Views 0 Likes 0 Ratings

45 Views 0 Ratings Rate it

ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ මෘත දේහය තවමත් නිදහස් කොට නැති වාර්තා වනවා. ඉන්දීය NDTV රුපවාහිනි නාලිකාව මිට සුළු මොහොතකට පෙර (පෙබරවාරි 26 වැනිදා රාත්‍රී 10.20ට) මේ බව වාර්තා කළා. ඩුබායි රජයේ නිළ ආරංචි මාර්ග පවසන පරිදි මරණය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ කටයුතු අවසන් කොට නැහැ. නමුත් මිට සුළු මොහොතකට පෙර Gulf News වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු වාර්තා කොට තිබුනා. Bobby Naqvi එරට gulf news වෙබ් අඩවියේ සහ මාධ්‍ය ජාලයේ බුබායි සංස්කාරකවරයා මේ පිලිබඳ NDTV ඉන්දීය රුපවාහිනි නාලිකාවට ප්‍රකාශයක් ලබාදී තිබුනා. ඉන් කියවුනේ රුධිර සාම්පල පරික්ෂාවේ තොරතුරු ලැබී අති බවත් රුධිරයේ ඇල්කොහොල් ප්‍රමාණය ඉහළ අගයක්ව තිබු බවත්. ඒ අනුව ඇය ඇල්කොහොල් හේතුවෙන් මත්වී සිටීම නිසා නාන බේසම මතට ඇද වැටීමෙන් සිහි විසඥවී දියේ ගිලී ඇති බව මේ වනවිට සැක පළකෙරෙනවා. කෙසේ නමුත් තවමත් නිශ්චිත රුධිර වාර්තා සහ අනිකුත් පරීක්ෂණ වාර්තා නොලැබීම හේතුවෙන් සිරුර එම්බාම් කටයුතු සඳහා නිදහස් කොට නැති බව එම වාර්තා පවසා තිබෙනවා. අද රාත්‍රියේ ඒ කටයුතු සිදු වෙතැයි අපේක්ෂා කරනවා. සාමාන්‍යෙන් එරට සියලු කාර්යාල සහ රාජකාරි කටයුතු සවස 5 පමණ වනවිට අවසන් වනවා. නමුත් විශේෂ රාජතාන්ත්‍රික මැදිහත් වීමක් මත එම කටයුතු සිදුවනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා. තවමත් gulf news සහ NDTV ඇතුළු විදෙස් මාධ්‍ය සජීවී වැඩසටහන් මෙහෙයවමින් නවතම තොරතුරු ගෙන එනවා.

මේ අතර තවත් ප්‍රවෘත්තියකින් කියවෙනුයේ ඩුබායි පොලිසිය Bonny Kapoorගෙන් ප්‍රශ්න කොට ඇති බවයි. නමුත් එම පුවත නිශ්චිතවම තහවුරු කොට නැහැ. ඉන්දියාවේ මුම්බායිහි බොනී කපූර්ගේ නිවසට පවුලේ ඥාතින්, නළු නිලියන් දේශපාලන බලවතුන් ආදී බොහෝ දෙනෙක් රැස් වෙමින් සිටින බව සඳහන් වනවා. එම අවස්ථාවන් දිගින් දිගටම NDTV නාලිකාව මගින් ආවරණය කරමින් පවතිනවා.

2018 පෙබරවාරි 26 වැනිදා රාත්‍රී 10.50

මුලාශ්‍ර : NDTV, Hindustani Times, Gulf News

Share

45 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.