සරසවියෙන්, නව සිනමාකරුවන්ට ඇරියුම්
මෙරට සිනමාවේ මහා කලා මංගල්‍ය ලෙස සැලකෙන සරසවි සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට සුදානම් වනවා. සරසවි පුවත්පත මගින් මේ සම්මාන උළෙල සංවිධානය වන්නේ පෙර වසරේ තිරගත කෙරුනු චිත්‍රපට සඳහා සම්මාන ප්‍රධානය කිරීම වෙනුවෙනුයි. නමුත් සම්මාන උළෙලට මෑතකදී එකතුවුනු නව සම්මානයක් තිබෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් සම්මානය නමින් එය නම් කොට තිබෙනවා.
දෙනලද කාල සීමාව තුළ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද, මෙතෙක් තිරගත නොවුනු, අධ්‍යක්ෂවරයකුගේ මුල්ම සිනමා නිර්මාණය උදෙසා මෙම සම්මානය පිරිනැමෙනු ඇති. ඒ අනුව 2018 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 අතර දක්වා කාලය තුළ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලැබූ අධ්‍යක්ෂ වරයකුගේ පළමු නිර්මාණයක් ලෙස නිමවුනු චිත්‍රපට සඳහා සරසවිය පුවත්පතින් ඇරියුමක් කොට තිබෙනවා. මාර්තු 31 වැනිදාට පෙර එම චිත්‍රපටයේ DCP පිටපතක් සමග සම්මානය සඳහා අයදුම් කරන ලෙස ඔවුන් සිනමාකරුවන් වෙත දන්වා සිටිනවා. අයදුම්පත්, ලෙස්ටර් ජේමිස් පීරිස් සම්මානය, ප්‍රධාන කර්තෘ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කරන ලෙස සංවිධායකයින් දන්වා සිටිනවා.
Written by Nisanka Weheraduwa