සාලිය සමග Columbus චිත්‍රපටය නරඹමු
කලාව සඳහා ක්‍රියාකාරී ලීගය (ALFA) මාසිකව සිනමා සංවාද මණ්ඩපයක් සංවිධාන කෙරෙනවා. ඒ යටතේ මෙවර තිරගත කෙරෙන්නේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වූ columbus (2017) චිත්‍රපටයයි. මේ සිනමා සංවාද මණ්ඩපයේදී සමාරම්භක අදහස් දැක්වීමක් පැවැත්වෙනවා. මෙවර Columbus චිත්‍රපටය සමග අදහස් දැක්වීමට එක්වන්නේ සාලිය ඉඳුරුවිතාන. මැයි මස 13 වැනි ඉරිදා සවස 4.00ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාද මණ්ඩපය පැවැත්වෙනවා.
2017 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය වන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Kogonada විසින්. John Cho සහ Haley Lu Richardson චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය රඟපානවා. 2017 වසරේ Sundance intenational film festival හිදී චිත්‍රපටයේ පළමු දර්ශනය පැවැත්වුවා. Elisha Christian චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදුකළා. විනාඩි 104ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවා තිබෙනවා. චිත්‍රපටය නරඹා සිනමා සංවාද මන්දපටය එක්වන ලෙස කලාව සඳහා ක්‍රියාකාරී ලීගය සිනමාලෝලින්ට ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa