සැවෝයි 3D වෙයි.
වැල්ලවත්තේ සැවෝයි සිනමාහලද 3D තාක්ෂණයක් යුත් සිනමාහලක් ලෙස නවීකරණය කර ඇති අතර එය ජුලි මස 26 වන දා සිට ත්‍රිමාණ සිනමාහලක් ලෙස සිනමා ලෝළින් අතට පත්වේ. ඒ අනුව ප්‍රථම ත්‍රිමාන චිත්‍රපටය ලෙස තිරගතවන්නේ “අයිස් ඒජ්-කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට්” චිත්‍රපටයයි.
මෙය ලෝකයේ වැඩිම අදායමක් ලැබු අයිස් ඒජ් චිත්‍රපට මාලාවේ සිව්වැන්නයි
මෙතෙක් ලංකාවේ භාවිතා කළ 2K ප්‍රොජෙක්ටර්ස් (2048×1080, 2.2MP) වෙනුවට නවීන 4K ප්‍රොජෙක්ටර්ස් (4096×2160, 8.8MP) මෙහි භාවිතා කරනු ලබන අතර එමඟින් Full HD තාක්ෂණයට වඩා 4 ගුණයකින් ඉහළ ගුණාත්මකතාවයක් නරඹන්නාට ලබාගැනීමට පුළුවන.
ආසන 715ක් හා බොක්ස් 8කින් ද යුත් මෙම සිනමා ශාලාවේ, ලංකාවේ කිසිදු සිනමා ශාලවක මෙතෙක් භාවිතා කර නොමැති සිල්වර් ස්ක්‍රීන් යොදාගැනෙන අතර එම නවීකරන කටයුතු සඳහා මිලියන 100ක මුදලක් වැය කර තිබෙනවා.

Written by Cinema.lk A

