සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙල (ceyiff) – දෙවන දිගහැරුම

Avatar Kavinu Weerakkody | October 17, 2023 77 Views 0 Likes 0 Ratings

77 Views 0 Ratings Rate it

සැලකිය යුතු අන්දමක ප්‍රේක්ෂක-විචාරක අවධානය දිනගෙන සිටින බොහෝ කලාපීය සිනමා ක්ෂේත්‍ර උදෙසා ලෝකය පුරා අන්තර්ජාතික සිනමා උළෙල සංවිධානය වනවා. ප්‍රධාන ශානරයේ හොලිවුඩ්, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය වැනි සිනමාපට වෙනුවෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා මේ අතුරින් විශේෂ තැනක් ලැබෙනවා. අපට අසල්වැසි ඉන්දීය සිනමාවේ හින්දි චිත්‍රපට මෙන්ම සාපේක්ෂව කුඩා ප්‍රාන්තීය සිනමා කර්මාන්ත වන තෙළිඟු, මලයාලම්, දමිළ ආදී චිත්‍රපට වෙනුවෙනුත් අද වනවිට ලෝකයේ විවිධ රටවල International Film Festivals සංවිධානය වනවා.

නමුත් ලාංකීය චිත්‍රපට මුල් කරගනිමින් ලංකාවෙන් පිටතදී පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙලක් මෑතක් වනතුරුම අපට දැකගන්නට ලැබුනේ නැහැ. ලාංකීය චිත්‍රපට විදේශයන් හි ජීවත් වන ප්‍රේක්ෂකාගාර වෙත පෙන්වීමට ලාංකීය සිනමා උළෙලක අවස්ථාවක් මෙරට සිනමාකරුවන්ට ලැබී තිබුනේ ද නැහැ. එවැනි පසුබිමක් තුළ, මෙරට සිනමාව ජාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන යෑමේ අරමුණින් ලාංකීය චිත්‍රපට වෙනුවෙන් ලංකාවෙන් පිටතදී සංවිධානය වූ පළමු අන්තර්ජාතික සිනමා උළෙල පසුගිය වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේදී සංවිධානය වුනා.

ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙ හි, සැන්ටාබාබරා නගරය මුල් කරගෙන පැවැත්වූ Ceylon International Film Festival හෙවත් Ceyiff ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල යි.

ශ්‍රී ලාංකීය චිත්‍රපටවලට ගෝලීය වෙළඳපළක් බිහි කිරීමත්, මෙරට සිනමාකරුවන් වටා විදෙස් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීමත් අරමුණු කරගෙන සංවිධානය වන මෙම Ceylon International Film Festival උළෙල තුළින් ඇමරිකානු සිනමාව සහ ලාංකීය සිනමාව අතර තිබෙන සබඳතාවය වැඩි දියුණු කරලීමට ත් එහි සංවිධායකින් විසින් බලාපොරොත්තු වනවා.

අරුණි බොතේජුගේ මූලිකත්වයෙන් සංවිධානය වන මෙම සිනමා උළෙලේ පළමු දිගහැරුම සංවිධානය වූයේ පසුගිය වසරේදී වුවත්, මේ වනවිටත් කැලිෆෝනියා අවට බොහෝ ලාංකික ප්‍රේක්ෂකයින් පිරිසක් මෙම Ceylon International Film Festival වටා එක්රොක් වී තිබෙන අයුරු දැකගන්නට පුලුවන්.

අතිසාර්ථක පළමු දිගහැරුමෙන් පසුව මෙම 2023 වසරේදී දෙවන වරටත් සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙල පැවැත්වීමටයි ඔවුන් සූදානමින් සිටින්නේ… මෙවර ලංකාව පමණක් නොවෙයි; ලෝ පුරා සිනමා කර්මාන්ත රැසක චිත්‍රපට මෙහිදී ප්‍රදර්ශනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. එමෙන්ම ගිය වසරේදී මෙන්ම මෙවර ද, එකිනෙකට වෙනස් විවිධ සම්මාන ඉසව් නියෝජනය කරමින් ජයග්‍රහණ පිරිනැමීමටත් සියලු කටයුතු සූදානම්.

නොකඩවා දෙවන වරටත් සංවිධානය වන Ceylon International Film Festival සිනමා උළෙල මෙවර ආරම්භ වන්නේ මෙම ඔක්තෝබර් මස 23 වනදායි. ඔක්තෝබර් 23 වනදා සිට 27 වනදා දක්වා චිත්‍රපට ප්‍රදර්ශන – සිනමා සාකච්ඡා ආදී විවිධ අංග ඔවුන් සංවිධානය කර තිබෙනවා. උළෙලේ ප්‍රදානම අංගය වන සම්මාන උළෙල පැවැත්වෙන්නේ ඔක්තෝබර් 28 වනදායි.

මෙවර විවිධ රටවල් 50කට ආසන්න සංඛ්‍යාවකින් මේ සඳහා සිනමාපට යොමු කර තිබෙනවා. පසුගිය ජූනි මාසයේදී තරග අංශ සඳහා චිත්‍රපට බාර ගැනීම අවසන් වූ අතර දැනටමත්, මෙවර උළෙලේදී සම්මාන ප්‍රදානය සඳහා නිර්දේශ වූ චිත්‍රපටවල final nominations ලැයිස්තුව නිකුත් කර අවසානයි.

Best Picture

GOOD GUY WITH A GUN by John Mossman (US)
Seeds By Sanjaya Nirmal (Sri Lanka)
The Genius Of The Place by Afdhel Aziz (Sri Lanka)
Happy Ending – Akira Iwamatsu (Japan)

Best Director

Cameron Carr – Wawel Dragon (UK)
John Mossman – GOOD GUY WITH A GUN (USA)
Passos Zamith- Me & Myself (Portugal)
Afdhel Aziz- The Genius of The Place (Sri Lanka)

Best Actor

Sarathy – Ezhuthalar (India)
Trae Hicks – Seed (Sri Lanka)
Diogo Tomaz – Me & myself (Portugal)
Hideyuki Inoue – Happy Ending (Japan)

Best Actress

Niranjani Shammugaraja – Seed (Sri Lanka)
Rename – Li Weilong (China)
Yolanda Belvis – Latir Amargo (Spain)
Kana Shimizu – Happy Ending (Japan)

Best Supporting Actor

Samer Omaran – Happy Land (Syrian Arab Republic)
Ryusei Matsuo – Happy Ending (Japan)
Darshan Darmaraj -Seeds (Sri Lanka)

Best Supporting Actress

Tiffany Bedwell – Good Guy with a Gun (USA)
Yumi Kashihara – Happy Ending (Japan)
Lafaye Baker – A Year to Life (USA)

Best Short

Me and Myself by Passos Zamith (Portugal)
Ezhuthalar by Jegadeeshwaran J (India)
PIETA by Ravindu Fernando (Sri Lanka)
Rename – Li Weilong (China)

Best Documentary

The Sound Of Tibetan Gust by Zhao Fengyi (China)
Irako by Hashem Karimi (Iran)
Hidden Pockets by Patrick Rutnam (USA)
Interview With A Monk by Shekar Daryl & Chatura De Silva (USA)

Best Animation

The Long Rain by Cassandre Léonard (France)
The Source 1996 by Ivy Luxen (US)
Why Did The Giraffe’s Flower Fades by Kaveh Kanani (Iran)
Wawel Dragon by Cameron Carr (UK)

Best Music

The Source 1996 – Ivy Luxen (US)
The Long Rain by Cassandre Léonard (France)
Seeds – Nadeeka Guruge (Sri Lanka)
Happy Land by Nour Khair Alanam (Syrian Arab Republic)

Best Cinematography

The Sound Of Tibetan Gust by Zhao Fengyi (China)
Irako by Hashem Karimo (Iran)
Me and Myself by Passos Zamith (Portugal)
Ezhuthalar by Jegadeeshwaran J (India)

Best Editing

Ezhuthalar by Kumaraysh Pasupathy (India)
The Genius of the Place by Paul Vu & Hayden Blaz (Sri Lanka)
The Sound of Tibetan Gust by Wang Linghui (China)
Irako by Omid Sharifi & Reza Sharifi (Iran, Islamic of Republic)

Best Sound Mixing

Irako by Fardin Zabihi (Iran, Islamic of Republic )
Ezhuthalar by Pragathish Pugazh (India)
Seeds by Sashin Gimhan (Sri Lanka)
Happy Land by Nour Khair Alanam (Syrian Arab Republic)

Best Production Design

Suneth Malinga Lokuhewa – Seeds (Sri Lanka)
Li Weilong – Rename (China)
Cameron Carr – Wawel Dragon (UK)

fe

Share

77 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.