IIFA සිනමා උත්සවයේ විසිතුන්වන දිගහැරුම – 2023
ලොව විශාලම චිත්‍රපට කර්මාන්ත ත්‍රිත්වයට ඇතුළත් වන ඉන්දීය සිනමාවෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හරිනවා. එය වාණිජමය වශයෙන් වගේම ශානරීය විවිධත්වයෙනුත් බොහොම පොහොසත් කලාපීය සිනමාවක් බව හොලිවුඩ් සිනමාකරුවන් පවා පිළිගන්නා කරුණක්! වසරකට අතිශය ගුණාත්මක චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඉන්දීය සිනමාවෙන් දැකගන්න පුලුවන්. විශාලත්වය නිසාම හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම්, කන්නඩ, බොජ්පූරි, මරාති, බෙංගාලි ආදී වශයෙන් භාෂාව පදනම්ව ප්‍රාන්තීය සිනමා ලෙසත් යළි ඉන්දීය සිනමාව බෙදා වෙන් කෙරෙනවා.
මෙයින් ‘ඉන්දීය සිනමාවේ මුහුනත’ නැතිනම් පුරෝගාමීයා ලෙස අද දවසේදී හැඳින්වෙන්නේ එරට රාජ්‍ය භාෂාව වූ හින්දි භාෂාව පදනම්ව බිහිවූ උතුරු ඉන්දියාවේ බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයයි. පසුගිය වසර කිහිපය තුළදී බොලිවුඩයෙන් බිහිවූ බොහෝමයක් සිනමාපට, සිය ප්‍රේක්ෂකයින්ව සතුටු කරන්නට සමත් නොවුණු නමුත්, හින්දි සිනමාව තුළ දක්නට ලැබෙන විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකරුවන්, තාක්ෂණික ශිල්පීන් සහ නලු නිළියන්ව අපට මඟ හරින්නට බැහැ.
එවැනි විශිෂ්ටතමයින් උදෙසා සම්මාන පිරිනැමෙන සිනමා උළෙල ගණනාවක්ම වාර්ෂිකව ලෝ පුරා පැවැත්වෙනවා. ඉන්දියාව තුළ මෙන්ම ඉන්දියාවෙන් පිටතත් මේ අයුරින් වසරකට වරක් පැවැත්වෙන ජාත්‍යන්තර ඉන්දීය සිනමා උළෙල බොහෝ ප්‍රමාණයක් දැකගන්නට පුලුවන්. ඒ සිනමා රාත්‍රීන් අතුරින් ප්‍රධාන තැනක් ගන්නා ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙලක් ලෙසයි IIFA AWARDS සැලකෙන්නේ…
මේ වනවිට 22 වතාවක් පවත්වා තිබෙන IIFA Movie Awards පළමු වරට සංවිධානය වූයේ 2000 වසරේදීයි. නොකඩවා 23 වරට පැවැත්වූ මෙවර IIFA Movie Awards උළෙලදී උතුරු ඉන්දියාව මුල් කරගත් හින්දි සිනමාවේ විශිෂ්ටතම සිනමාපට වෙනුවෙන් කාණ්ඩ විස්සකට අධික ප්‍රමාණයක් ඔස්සේ සම්මාන පිරිනැමුනා. පසුගිය මැයි 26-27 දෙදින පුරා එක්සත් අරාබි රාජ්‍යයේ පැවැත්වූ මෙම සම්මාන රාත්‍රියට සහභාගී වීමට හින්දි සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් අබුඩාබි වෙත පැමිණ තිබෙනු දක්නට ලැබීමත් විශේෂත්වයක්…
මෙවර IIFA Movie Awards උළේලේදී වසරේ හොඳම හින්දි චිත්‍රපටය ලෙසට තෝරා ගැනුනේ අජෙයි දෙව්ගන් ප්‍රධාන චරිතය නිරූපණය කළ Drishyam 02 චිත්‍රපටයයි. මෝහන්ලාල් රඟපෑ Drishyam නැමැති මලයාලම් සිනමාපට මාලාවේ දෙවන දිගහැරුමෙ හි නිල හින්දි චිත්‍රපටය වන මෙය අධ්‍යක්ෂණය කළේ Abhishek Pathan විසිනුයි. ද්‍රිශ්‍යම් සමඟින් මෙම සම්මානයට Bhool Bhulaiyaa, Darlings, Gangubai Kathiawadi සහ Vikram Vedha වැනි චිත්‍රපට රැසක්ම මෙවර තරඟ වැදුනා.
ජනප්‍රිය බොලිවුඩ් නලු Hrithik Roshan, වසරේ හොඳම රංගන ශිල්පියා බවට පත් වුනේ Vikram Vedha සිනමාපටය හරහා ඉදිරිපත් කළ පෙරළිකාර රංගනයටයි. Gangubai Kathiawadi හි රංගනය වෙනුවෙන් වසරේ හොඳම රංගන ශිල්පිනිය බවට පත් වුනේ Alia Bhatයි.
ප්‍රසිද්ධ දමිළ සහ හින්දි චිත්‍රපට රැසක රංගනයෙන් එක් වූ R. Madhavan පසුගිය වසරේදී Rocketry: The Nambi Effect සිනමාපටය හරහා සිනමා අධ්‍යක්ෂණයට පිවිසි අතර මෙම IFFA උළෙලේදී වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජයග්‍රහණය කිරීමටත් ඔහුට හැකියාව ලැබුනා.
මෙහිදී සම්මාන දිනාගත් ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව පහතින් දක්වා තිබෙනවා..!!
Best Picture
Drishyam 2
Bhool Bhulaiyaa
Darlings
Gangubai Kathiawadi
Vikram Vedha
Best Direction
R Madhavan (Rocketry: The Nambi Effect)
Anees Bazmee (Bhool Bhulaiyaa 2)
Ayan Mukerji (Brahmastra Part One: Shiva)
Jasmeet K. Reen (Darlings)
Sanjay Leela Bhansali (Gangubai Kathiawadi)
Vasan Bala (Monica O My Darling)
Best Performance in a Leading Role (Female)
Alia Bhatt (Gangubai Kathiawadi)
Yami Gautam Dhar (A Thursday)
Tabu (Bhool Bhulaiyaa 2)
Alia Bhatt (Darlings)
Shefali Shah (Darlings)
Best Performance in a Leading Role (Male)
Hrithik Roshan (Vikram Vedha)
Kartik Aaryan (Bhool Bhulaiyaa 2)
Abhishek A. Bachchan (Dasvi)
Ajay Devgn (Drishyam 2)
Rajkummar Rao (Monica O My Darling)
Anupam Kher (The Kashmir Files)
Best Performance in a Supporting Role (Female)
Mouni Roy (Brahmastra Part One: Shiva)
Sheeba Chadha (Badhaai Do)
Nimrat Kaur (Dasvi)
Tabu (Drishyam 2)
Radhika Apte (Monica O My Darling)
Best Performance in a Supporting Role (Male)
Anil Kapoor (Jugjugg Jeeyo)
Abhishek Banerjee (Bhediya)
Shah Rukh Khan (Brahmastra Part One: Shiva)
Vijay Raaz (Gangubai Kathiawadi)
Sikander Kher (Monica O My Darling)
Best Story (Original)
Jasmeet K Reen and Parveez Shaikh for Darlings
Akshat Ghildial and Suman Adhikary for Badhaai Do
Ayan Mukherji for Brahmastra Part One: Shiva
R. Balki for Chup
Vivek Ranjan Agnihotri for The Kashmir Files
Best Story (Adapted)
Aamil Keeyan Khan and Abhishek Pathak for Drishyam 2
S.Hussain Zaidi and Jane Borges for Gangubai Kathiawadi
Yogesh Chandekar for Monica O My Darling
R.Madhavan for Rocketry: The Nambi Effect
Pushkar, Gayatri and BA Fida for Vikram Vedha
Best Music Direction
Pritam (Brahmastra Part One: Shiva)
Pritam (Bhool Bhulaiyaa 2)
Sanjay Leela Bhansali (Gangubai Kathiawadi)
Oaff and Savera (Gehraiyaan)
Tanishk Bagchi and Pozy (Niranjan Dhar)
Kanishk Seth and Vishal Shelke (Jugjugg Jeeyo)
Best Playback Singer (Female)
Shreya Ghoshal for “Rasiya” (Brahmastra Part One: Shiva)
Jonita Gandhi for “Deva Deva” (Brahmastra Part One: Shiva)
Shreya Ghoshal for “Jab Saiyaan” (Gangubai Kathiawadi)
Lothika for “Doobey” (Gehraiyaan)
Kavita Seth for “Rangi Sari” (Jugjugg Jeeyo)
Best Playback Singer (Male)
Arijit Singh for “Kesariya” (Brahmastra Part One: Shiva)
Arijit Singh for “Deva Deva” (Brahmastra Part One: Shiva)
Mohit Chauhan for “Gehraiyaan” (Gehraiyaan)
Kanishk Seth for “Rangi Sari” (Jugjugg Jeeyo)
Aditya Rao for “Behney Do” (Rocketry: The Nambi Effect)
Best Lyrics
Amitabh Bhattacharya for “Kesariya” (Brahmastra Part One: Shiva)
Varun Grover for “Atak Gaya Hai” (Badhaai Do)
A.M. Turaz for “Jab Saiyaan” (Gangubai Kathiawadi)
Ankur Tewari for “Gehraiyaan” (Gehraiyaan)
Raj Shekhar for “Behney Do” (Rocketry: The Nambi Effect)
ඉන්දියානු සිනමාවට සිදු කළ සේවය අගයනු වස්, IIFA සිනමා සම්මාන උළෙලේදී පිරිනැමෙන විශේෂ ගෞරව ඇගයීමක් වන Outstanding Achievement in Indian Cinema යන සම්මානය මෙවර පිරි නැමුනේ දක්ෂ දකුණු ඉන්දියානු නලුවෙකු වන Kamal Haasan හටයි. 1960 දශකයේ සිට මේ දක්වා වසර 60කට වැඩි කාලයක් සක්‍රීයව සිනමාවෙ හි නියැලෙමින් නලුවෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, ගීත රචකයෙකු, ගායකයෙකු ලෙස විවිධ අංශ ඔස්සේ තම දායකත්වය ලබා දෙමින් සිටින ඔහු 230කට අධික චිත්‍රපට ප්‍රමාණයකට මේ වනවිට රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
ජනප්‍රිය හින්දි සහ මරාති නලුවෙකු වන රිතේෂ් දේශ්මුක් මෙවර Outstanding Achievement in Regional Cinema ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඒ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වූ Ved නැමැති මරාති චිත්‍රපටයේ සාර් ථකත්වය නිසාවෙනුයි. ඉන්දීය කෝටි 75කට අධික මුදලක් රැස් කරගනිමින් අතිශය ඉහළ ආදායමක් ලැබූ එම සිනමාපටය 2019 වසරේදී තිරගත වූ Majili හි ප්‍රතිනිර් මාණයක්.
Outstanding Achievement for Fashion in Cinema:
Manish Malhotra
Outstanding Achievement in Indian Cinema:
Kamal Haasan
Outstanding Achievement in Regional Cinema:
Marathi film Ved directed by Riteish Deshmukh
Best Debut (Male):
Shantanu Maheshwari for Gangubai Kathiawadi and Babil Khan for Qala
Best Debut (Female):
Khushali Kumar for Dhoka Around the Corner
කැමරා අධ්‍යක්ෂණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, සංස්කරණය, ගීත ගායනය, සංස්කරණය ආදී තාක්ෂණික අංශයේ විශිෂ්ටතා උදෙසා ජයග්‍රහණ පිරිනමමින් Technical Awards දහයකට ආසන්න ප්‍රමාණයකටත් මෙවර IFFA උළෙලේදී විශිෂ්ටතා ඇගයීමට ලක්වූවා.
එහිදී වැඩිම සම්මාන ගණනක් හිමි කරගත්තේ කාර්තික් ආර්යන් රඟපෑ Bhool Bhulaiyaa 2 සහ ආලියා භාත් රඟපෑ Gangubai Kathiawadi යන හින්දි චිත්‍රපට ද්විත්වයයි.
Best Cinematography: Gangubai Kathiawadi
Best Screenplay: Gangubai Kathiawadi
Best Dialogue: Gangubai Kathiawadi
Best Choreography for title track: Bhool Bhulaiyaa 2
Best Sound Design: Bhool Bhulaiyaa 2
Best Editing: Drishyam 2
Best Special Effects (Visual): Brahmastra: Part one – Shiva
Best Background Score: Vikram Vedha
Best Sound Mixing: Monica O My Darling
Written by Kavinu Weerakkody