හේමාල් රඟන ‘මාරියා’ චිත්‍රපටයේ ගීත එළිදැක්වෙයි
හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, සුරන් දසනායක සමඟින් දසුන් පතිරණ රඟපාන “මාරියා” සිංහල සිනමාපටය ළඟදීම දිවයින පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා.
ඒ අතරවාරයේදී පසුගියදා චිත්‍රපටය සම්බන්ධ වූ ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ‘මාරියා’ ගීත එලිදැක්වීමේ උත්සවයක් පැවැත්වුනා. ඒ සමඟින් සිනමාපටයේ රඟපෑ නලු නිලියන්ව ද එහිදී සම්මානයෙන් අගයනු ලැබුවා.
දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් වෙනුවෙනුත් සම්මානයක් වෙන්වී තිබූ අතර එය භාරගත්තේ ඔහුගේ බිරිඳ ඇතුලු හිත මිතුරන් විසිනුයි.
මාරියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නිකිණි වැස්ස – Happy Birthday – 1970 Love Story ඔබ වෙත ගෙනා අරුණ ජයවර්ධන විසිනි.
ගැඹුරු මුහුදේ මසුන් සොයා යන බෝට්ටුවක සිටින ධීවරයින් පිරිසක් සහ, මුහුද මැදදී ඔවුන්ට අහම්බයෙන් දක්නට ලැබෙන යමක් නිසා එම ධීවරයින් තුළ හට ගන්නා කුතුහලය වටායි “මාරියා” චිත්‍රපටය ගලා යන්නේ…
නුදුරේදීම දිවයින පුරා සිනමා හල්වලදී ඔබට මෙය නැරඹිය හැකියි.
Written by Kavinu Weerakkody