හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ටෝනි ස්කොට් මියයයි
සුපිරි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වු ටෝනි ස්කොට් පාලමකින් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.මිය යන විට ඔහු 68 වියේ පසු වු අතර පසුගිය ඉරුදින දහවල් 12.30ට පමන වින්සන්ට් තෝමස් නැමති පාළමෙන් පැන සිය ජිවිතය හානි කර ගෙන ඇති බවයි ලොස් ඇන්ජලීස් මාධ්‍ය වාර්තා පවසන්නේ.ටොප් ගන් හා ඩේ ඔෆ් තන්ඩර් චිත්‍රපට හරහා ඉමහත් කීර්තියක් දිනා ඇති මොහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වු රිඩ්ලේ ස්කොට් ගේ සහොදරයාද වනවා.
Written by Cinema.lk A
