11වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ ජයග්‍රාහකයින් මෙන්න!!!
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ (Jaffna International Cinema Festival) තරඟකාරී අංශයෙන් ජයග්‍රහණය කළ වෘතාන්ත, කෙටි සහ වාර්තා චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමීම පසුගියදා සිදු වුනා.
මෙහිදී, විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ “32” වාර්තා චිත්‍රපටය New Asian Currents – Documentary අංශයෙන් ජය හිමි කරගත්තා.

විශිෂ්ටතම ලාංකීය කෙටි චිත්‍රපටය ලෙසින් මෙවර උළෙලේදී සම්මානයට පාත්‍ර වුනේ Neelum Oor Kadaisi Iravu කෙටි සිනමාපටයයි. ඒ වෙනුවෙන් ලැබෙන Ceylon Theaters සම්මානය එහි අධ්‍යක්ෂණක ජේකබ් ලූක් ජෙරොශාන් විසින් ලබාගත්තා.
අවිෂ්ක අරංගල්ලගේ His First Period කෙටි සිනමාපටය ජූරියේ විශේෂ ඇගයුමට ලක්වුනා.

Best short film (International) අංශයෙන් ජයග්‍රහණය කළේ නෆියා සාරී අධ්‍යක්ෂණය කළ “Under the Snow” ඉරාන කෙටි චිත්‍රපටයයි.
සයන්තන් අභිසරන්ගේ “Dheera” කෙටි සිනමාපටය මෙවර යාපනය සිනමා උළෙලේ ජනප්‍රියම නිර්මාණයට පිදෙන People’s Choice Award දිනාගත්තා.
නවක අධ්‍යක්ෂකවරුන්ගේ නිර්මාණ සඳහා පිදෙන Best Debut Film සම්මානය හිමි වුනේ සිවරන්ජිනී Jගේ “Victoria” කේරළ සිනමාපටයටයි.

Shape of Momo සිනමාපටයත් එම අංශයෙන්ම ජූරියේ විශේෂ ඇගයුමකට ලක්වුනා.
සිනමාව සහ කලාව වෙනුවෙන් සිදුකළ විශිෂ්ට දායකත්වය අගයමින්, ජීවිතයට එක්වරක් පමණක් පිදෙන, යාපනය සිනමා උළෙලේ Lifetime Achievement Award සම්මානය මෙවර පිරිනැමුනේ ප්‍රවීණ ඉන්දීය සිනමාකරුවෙකු වන ප්‍රේමේන්ද්‍ර මජුම්ධර් (Premendra Mazumder) වෙතයි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාකාරීව පවතින එකම අන්තර්ජාතික සිනමා උලෙල වන යාපනය අන්ර්ජාතික සිනමා උළෙල, දෙස් විදෙස් සිනමාකරුවන් – රංගන ශිල්පීන් – සමාජ ක්‍රියාධරයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙවර පැවැත්වුනේ 11වන වතාවටයි.
මෙවරට උළෙලේ නිල ඩිජිටල් මාධ්‍ය සහකරු Cinema.lk ලෙසින් එක්ව සිටියා!!
Written by Kavinu Weerakkody
