Mammoottyගෙන් මලයාලම් සිනමාවට නව පෙරළියක්

Avatar Kavinu Weerakkody | April 21, 2023 67 Views 0 Likes 0 Ratings

67 Views 0 Ratings Rate it

දකුණු ඉන්දියාවේ ප්‍රධානම ප්‍රාන්තීය සිනමා කර්මාන්තයක් වන කේරළ සිනමා කර්මාන්තයෙ හි ජනප්‍රිය රංගන ශිල්පී Mammoottyගේ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු දැන් ඇරඹී තිබෙනවා. මේ වනවිට මලයාලම් චිත්‍රපට 390ක රඟපා තිබෙන ඔහු, එදා’මෙදා තුර කේරළ සිනමාවෙන් බිහිවූ ජනප්‍රියතම තරු අතළොස්සෙන් කෙනෙකු ලෙසටත් හැඳින්වෙනවා.
1972 වර්ෂයේදී සිනමාවට පිවිසි ඔහු අද වනවිට සිනමාව තුළ සක්‍රීයව සිටි කාල පරිච්ඡේදය වසර පනහකට අධිකයි. වාර්තා වන අන්දමට, Mammootty මෙතෙක් රඟපා තිබෙන සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 420ත් ඉක්මවනවා.

ඔහුගේ මෙම නවතම මලයාලම් චිත්‍රපටයේ පළමු නිල නිවේදනය මාධ්‍යයට නිකුත් කළේ පසුගිය අප්‍රේල් 10 වනදායි. එහිදී චිත්‍රපටයේ title details සහ පළමු පූර්ව ප්‍රචාරක පෝස්ටරයත් අන්තර්ජාලයට නිකුත් කළා.

“Presenting the Title Look Poster of Bazooka Movie. Written and Directed by Deeno Dennis, Produced by Theatre of Dreams & Saregama,”

මමූතිගේ පෙර චිත්‍රපටවලට වඩා වෙනස් පරිසරයක් සහ පෙනුමක් දක්නට ලැබුනු නිසාම, කෙටි කාලයකින් එය ඔහුගේ රසිකයින්ගේ කතාබහටත් ලක්වුනා. කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි Mammoottyගේ අතෙහි තුවක්කුවක් දක්නට තිබූ අතර ඔහුව තවත් නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් වට කරගෙන සිටින අයුරකුයි එම ඡායාරූපයේ දැක්වුනේ.
එමෙන්ම, මෑතකාලයේ නිකුත් වූ මම්මුටිගේ first look posters අතුරින් වැඩිම රසික අවධානයක් දිනාගත්තේ මෙය බවත් ඔහුගේ රසිකයින් සඳහන් කරනවා.

එහි දැක්වෙන අන්දමට මෙම නවතම සිනමාපටය හඳුන්වා දී තිබුනේ “Bazooka” ලෙසයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රකට මලයාලම් තිර පිටපත් රචකයෙකු වන Kaloor Dennisගේ පුත්‍රයා, Deeno Dennis විසිනුයි. Vayal (1980) | Minimol Vathicanil (1984) |Malarum Kiliyum (1986) ආදී ‘80 දශකයේ ජනප්‍රිය මලයාලම් චිත්‍රපට ගණනාවක් රචනා කළ කලූර් ඩෙනිස් කිහිප වරක් චිත්‍රපට නිෂ්පාදනයටත් එක්ව තිබෙනවා. කලූර්ගේ තිර පිටපත් ගොන්න අතරට Mammootty රඟපෑ චිත්‍රපට ගණනාවකුත් ඇතුළත්.
අධ්‍යක්ෂණයට අමතරව “Bazooka” හි කතාව සහ දෙබස් රචනා කර තිබෙන්නේ ද Deeno Dennisමයි. මෙය ඩීනෝගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.

එමෙන්ම, මෙය මෙතෙක් මලයාලම් සිනමාවෙන් උත්සාහ නොකළ ආකාරයේ චිත්‍රපටයක් බවයි නිෂ්පාදන කණ්ඩායමෙන් අණාවරණය වී තිබෙන්නේ. කේරළ මාධ්‍ය නම් වාර්තා කරන්නේ Bazooka, Mind Game – Thriller ශානරයට අයත් චිත්‍රපටයක් විය හැකි බවටයි. යම් මරණීය තරඟයකට ඇතුළත් වන තරඟකරුවන් කිහිප දෙනෙකු සහ ඔවුන් එහි අභියෝගවලින් ජයගෙන බේරී පලා යෑමට දරන උත්සාහය වටා Bazooka සිනමාපටය ගෙතෙන බවටයි විවිධ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
නමුත් චිත්‍රපටයේ කතා තේමාව පිළිබඳව කිසිදු විස්තරයක් තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන Mammoottyට අමතරව දමිළ සිනමාවේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකුත් Bazooka හි රංගනයෙන් එක්වනවා. ඒ Minnale | Vinnaithaandi Varuvaayaa | Vaaranam Aayiram වැනි දමිළ සිනමාපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ Gautham Vasudev Menonයි. ගෞතම් වාසුදේව් මෙනන් පෙරදී එතරම් රංගනයට එකතු නොවූවත්, 2020-2021 කාලයේ සිට දිගින් දිගටම විවිධ චිත්‍රපටවල රඟපෑවා. විශේෂයෙන්ම Trance – Kannum Kannum Kollaiyadithaal – FIR වැනි චිත්‍රපටවල ගෞතම්ගේ රංගනය විචාරක පැසසුමට පවා ලක්වුනා.
Bazooka හි ප්‍රධාන චරිතයක් සඳහා ගෞතම් වාසුදේව් මෙනන් සම්බන්ධ වන බවට දැන් තහවුරු වී තිබුනත්, එම චරිතයේ ස්වභාවය ගැන නම් කිසිදු ඉඟියක් තවමත් රසිකයින්ට දැනගන්නට ලැබී නැහැ.
ඔවුන් දෙදෙනා හැරුණුකොට මලයාලම් සිනමාවේ දක්ෂ චරිතාංග නලුවෙකු වන Shine Tom Chako ද මීට එක්ව තිබෙනවා.

මම්මුටිගේ සෙසු චිත්‍රපටවලට සාපේක්ෂව ඉහළ මුදලක් දරමින් නිර්මාණය කරන Big – Budget චිත්‍රපටයක් වන මෙහි පිරිවැය ලෙස ඉන්දියානු කෝටි 20කට ආසන්න මුදලක් වැය කිරීමටත් නිෂ්පාදකයින් සූදානම්. චිත්‍රපටයේ ඉහළ පිරිවැය නිසාම ඊට සම්බන්ධව සිටින නිෂ්පාදකයින් සංඛ්‍යාව පහක්. Theatre of Dreams සහ Sarigama LTD ආයතන වෙනුවෙන් Dolwin Kuriakose – Jinu V Abraham – Vikram Mehtha – Anand Kumar – Sahil Sharma සුසංයෝගයෙනුයි Bazooka නිෂ්පාදනය වන්නේ…

Bazooka හි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස Nimish Ravi එක්වී තිබෙනවා. Nishadh Yusuf මෙහි සංස්කාරකවරයායි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ Midhun Mukundan විසිනුයි. කන්නඩ ජාතිකයෙකු වන Midhun Mukundan පළමු වරට මලයාලම් සිනමාවට පිවිසියේ පසුගිය වසරේදී මම්මුටිගේම චිත්‍රපටයක් වන Rorschach හරහායි. Rorschach චිත්‍රපටයේ පසුබිම් සංගීතයට ලැබුනු විශාල අවධානය සහ ධනාත්මක ප්‍රතිචාරය නිසාම Bazooka ඇතුළු මම්මුටිගේ චිත්‍රපට තුනකට ඔහු ඉදිරියේදී සංගීතය නිර්මාණයට ගිවිසුම්ගත වී ඇති බවටයි කේරළ මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය අප්‍රේල් 15 වනදා Bazooka චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹුනු නමුත් Mammoottyගේ දර්ශන කිසිවක් තවමත් රූපගත කර නැහැ. ඔහු නිර්මාණයට එක් වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන සතියේදී යි.

Mammootty සාමාන්‍යයෙන් වසරකට චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වන නිසා වසර පුරාම ඔහු සිටින්නේ විවිධ චිත්‍රපටවල රූපගත කිරීම් සහ නිෂ්පාදන කටයුතු සඳහා සම්බන්ධ වෙමින්. මෙම Bazooka සිනමාපටයේ රූගත කිරීම් ඇරඹුනේ ඔහුගේ ඊට පෙර නිර්මාණයේ රූපගත කිරීම් අවසන් වී මාසයකටත් අඩු කාලයකදීයි.
“Kannur Squad” නමින් හැඳින්වෙන එම මලයාලම් සිනමාපටය, අබිරහස් ඝාතන රැල්ලක් පසුපස හඹායන පොලිස් නිලධාරීන් පිරිසකගේ කතාවක්. චිත්‍රපටයේ නිෂ්පාදනය සිදු කරන්නේත් Mammootty විසින්ම වන අතර මෙම වසර අග භාගයේදී එය තිරගත වීමට නියමිතයි.

Deeno Dennisගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙම Bazooka මලයාලම් සිනමාපටය, බොහෝදුරට එළඹෙන වසර මුල භාගයේදී ලෝ පුරා සිනමා හල්වලට නිකුත් වීමට ඉඩකඩ තිබෙනවා..!!

Share

67 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.