ශ්‍රීදේවිගේ සාරියක් වෙන්දේසියේ විකිණෙයි
ඉන්දීය නිළි ශ්‍රීදේවි කපූර් 2018 වසරේ පෙබරවාරි 24 වැනිදා රාත්‍රියේ ඩුබායිහි Emirate Tower Hotel තුළ ඇය නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේදී මියගොස් තිබුනා. රාත්‍රී 9.00ට පමණ නාන කාමරයට පිවිසි ඇය මිනිත්තු 15ක කාලයක් නිහඬව සිටීම නිසා ඇගේ සැමියා එය පරික්ෂාවට ලක් කිරීමෙන් පසු ඇය නාන බේසමේ (Bath tub) තුළ ගිලී මියගොස් සිටි බව සොයා ගැනුනා. මේ පිලිබඳ පසුව විවිධ කටකතා පැතිර ගියා. පරීක්ෂණ කිහිපයක්ද සිදුවුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් ඇගේ මරණයෙන් පළමු වසර ගෙවීම නිමිත්තෙන් පසුගියදා ඇගේ නිවසේ ආගමික වතාවත් පැවැත්වුනා.
මේ කටයුතු වලට සමගාමීව ශ්‍රීදේවි වඩාත් ඇලුම් කළ සාරියක් වෙන්දේසියේ විකිණීම සඳහා ඇගේ සැමියා වන බොනී කපූර් විසින් පරිත්‍යාග කොට තිබුන. සාරිය අළෙවි කිරීම සඳහා වෙන්දේසිය පැවැත්වුනේ වෙබ් අඩවියක් මගිනුයි. මේ වෙන්දේසියෙන් ලැබෙන සියලු මුදල් concern india foundation නම් ස්වෙච්චා සුභසාධක සංවිධානයකට ආධාර පිණිස ලබාදීමට බොනී කපූර් එකඟතාව පලකොට තිබුනා. කෝට්ටා වර්ගයේ සාරියක් මෙලෙස වෙන්දේසියේ විකිණීමට කටයුතු කොට තිබුනා. ඉන්දියානු රුපියල් 40,000කට සාරිය සඳහා පළමු ලන්සුව ඉදිරිපත් වුනා. නමුත් එහි අවසන් විකුණුම් අගය ඉන්දීය රුපියල් 130,000 දක්වා ඉහළ ගියා.
කෙසේ නමුත් ඉන්දියානු රසිකයින් තවමත් ශ්‍රීදේවි පිලිබඳ මතකය ආවර්ජනය කරනවා. ඔවුන් සමාජ ජාල වෙත එක්කරන පණිවිඩ මගින් ඇගේ ජනප්‍රියත්වය තවමත් එකලෙස පවතින බව හෙළිවන්නේයැයි ඉන්දීය විචාරකයින් පවසා තිබුනා.
Written by Nisanka Weheraduwa