2013 ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන රාත්‍රිය
මේ ඇරඹෙන්නේ ලෝකයේ සිනමා නිර්මාණ,සම්මාන වලින් හැඩකිරිමේ කාල වකවානුවයි.ඒ සිනමා සම්මාන ඍතුව ආරම්භ කරමින් බටහිර සිනමා ලෝකයෙන් මුලින් ඇසුණු වෙඩි මුරය වන්නේ ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන රාත්‍රියයි.මේ සම්මාන උළෙල සිනමා ලොව තරු රැසක්ම මෙවරත් සම්මානයෙන් උණුසුම් කලේ 70 වෙනි වරටයි.මෙවර ගෝල්ඩන් ග්ලෝබ්ස් හි හොඳම චිත්‍රපටය ලෙස අභිසෙස් ලැබුවේ Argo සිනමා පටයයි.හොඳම සංගීතගමය,ප්‍රහසන චිත්‍රපටය වුයේ “Les Miserables” චිත්‍රපටයයි.
මෙවර පැවැත්වු සම්මාන රාත්‍රියේ හොඳම නළුවා ලෙසින්,මහා සිනමාකරු ස්ටිවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ Lincoln චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පෙවු ඩැනියෙල් ඩේ ලුවිස් සම්මානයට පාත්‍ර වු අතරම හොඳම නිළිය ලෙසින් “Zero Dark Thirty.” චිත්‍රපටයේ රඟපෑ ජෙසිකා චැස්ටන් සම්මාන හිමි කර ගත්තාය.හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙසින් Argo චිත්‍රපටය සඳහා බෙන් ඇෆ්ලෙක් ද හොඳම ප්‍රහසන නළුවා ලෙසින් හියුග් ජැක්මන්ද එම කාණ්ඩයේ හොඳම නිළිය ලෙසින් ජෙනිෆර් ලෝරන්ස් ද මෙවර සම්මානයට පාත්‍ර වුණා.එලෙසින් වසරේ හොඳම සහය නළුවා ලෙසින් මෙවර සම්මාන හිමි කර ගත්තේ “Django Unchained“ හි රංගනයෙන් දායක වු ක්‍රිස්ටෝප් වෝල්ටීස් විසිනුයි.එමෙන්ම Les Miserables හි රංගනයේ නිරත වු ඇනා හැතවේ හොඳම සහය නිළිය ලෙසින් අභිෂේක ලැබුවා.
Written by Cinema.lk A
