2017 වසරේ ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගයේ
ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට 46 වසරක් ගතවීම නිමිත්තෙන් විවිධ වැඩසටහන් සංවිධානය කෙරේ. 2017 වසර තුළ ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ සිනමාකරුවන් සහ ශිල්පින් ඇගයීමේ ජාතික සම්මාන උළෙලක් මේ යටතේ සංවිධානය කොට තිබිණ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් සිනමා ශිල්පින් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත සම්මාන ප්‍රධානය කිරීම මේ යටතේ සිදු කෙරිණ. සිනමා විචාරක අජිත් ගලප්පත්ති විසින් රචනා කළ මෙරට සිනමාපට නාමාවලිය නම් පර්යේෂණ ග්‍රන්ථය නිකුත් කිරීමද මෙහිදී සිදුවිය. උළෙලේදී සම්මාන ලැබූවන් සහ ඒ සඳහා වූ හේතු කාරණා මෙලෙස වෙයි. උදිත ලක්මාල් කහන්දවාරච්චි සහ ඈෂ්ලි රත්නවිභූෂණ විසින් මෙම ඇගයීම් කටයුතු සිදුකොට තිබිණ.
1) 2017 වර්ෂයේ ස්විට්සර්ල
2) 2017 වර්ෂයේ ප්‍රංශයේ නීස් නුවර පැවති 05 වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (Nice International Film Festival) විදෙස් භාෂිත සිනමාපට අංශයේ හොඳම සිනමා කැමරාකරණය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ප්‍රියන්ත කළුආරච්චි අධ්‍යක්ෂණය කල ‘රතු සමනළ හීනයක්’ සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂක විශ්වජිත් කරුණාරත්න වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21
3) 2017 වර්ෂයේ ඉන්දියාවේ
4) 2017 වර්ෂයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හී පැවති 03 වෙනි ආසියා
5) 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම වෘත්තාන්ත සිනමාපටය සඳහා වූ සම්මානය සහ හොඳම අධ්‍යක්ෂක සඳහා වූ සම්මානය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ‘ඇගේ ඇස අග’ සිනමාපටයේ අධ්‍යක්ෂක අශෝක හඳගම වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21
6) 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) විශේෂ ජූරි සඳහනකින් පිදුම් ලබමින්, ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් ‘සයපෙති කුසුම’ සිනමාපටයේ අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරම් වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21
7) 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම නළුවා උදෙසා පිරිනැමූ සාමුහික සම්මානයේ එක් හිමිකරුවෙකු බවට වෙමින් , ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කල ‘සයපෙති කුසුම’ සිනමාපටයේ රංගනයේ යෙදුනු දසුන් පතිරණ වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21
8) 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම නළුවා උදෙසා පිරිනැමූ සාමුහික සම්මානයේ එක් හිමිකරුවෙකු බවට වෙමින් , ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කල ‘සයපෙති කුසුම’ සිනමාපටයේ රංගනයේ යෙදුනු ජෙහාන් අප්පුහාමි වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21
9) 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවති 07 වෙනි සාර්ක් සිනමා උළෙලේදී (SAARC Film Festival) හොඳම නළුවා උදෙසා පිරිනැමූ සාමුහික සම්මානයේ එක් හිමිකරුවෙකු බවට වෙමින් , ශ්‍රී ලාංකේය සිනමාවට අත්කරදුන් ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කල ‘සයපෙති කුසුම’ සිනමාපටයේ රංගනයේ යෙදුනු භූමි හරේන්ද්‍ර වෙත ජාතික චිත්‍රපටි සංස්ථාවෙන් පිරිනැමෙන ඇගයීම් සම්මානය –2018.01.21
10) 2017 වර්ෂයේ ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති 06 වෙනි දිල්ලි අන්තර්ජා
Written by Nisanka Weheraduwa





























