පද්මාවත් තිරගත වීම ඇරඹෙයි

Avatar Nisanka Weheraduwa | January 26, 2018 73 Views 0 Likes 0 Ratings

73 Views 0 Ratings Rate it

ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ සංජය ලීලා බන්සාලි සිනමා නිර්මාණය පද්මාවත් ජනවාරි 25 වැනිදා සිට තිරගත වීම ආරම්භ කොට තිබෙනවා. ඉන්දියාව සහ ඊට සමගාමිව විදෙස් රටවලද පද්මාවත් තිරගත වීම එදිනම ආරම්භ කෙරුනා. රාණි පද්මාවතී කතා පුවත පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු මේ සිනමාපටයේ විකෘතිතා සහිත තැන ඇති බවත් ඉන් සිය ඉතිහාස රජුන් හට අවමන් වන බවත් පවසමින් ඉන්දීය ජනතාව චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා උස්ඝෝෂණ පැවැත්වුවා. කෙසේ නමුත් අවසානයේ පද්මාවතී සිනමාපටය පද්මාවත් ලෙස තිරගත කිරීමට සංජය බන්සාලිට හැකියාව ලැබුනා. ප්‍රේක්ෂකයන් අතර දැඩි අවධානයක් දිනාගත් පද්මාවත් ලංකාවේද තිරගත වීම 25 වැනිදා ආරම්භ කෙරුනා.

Share

73 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.