90 වැනි OSCAR සම්මාන උළෙල අද
ඇමරිකානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රධානතම සම්මාන උළෙලක් වන Academy Awards හෙවත් OSCAR සම්මාන උළෙල 90 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබේ. හොලිවුඩ් වාර්තා සඳහන් කරන පරිදි 2018 මාර්තු මස 04 වැනි ඉරිදා, එනම් අද සම්මාන උළෙල පැවැත්වෙනු ඇත. මෙවරත් Jimmy Kimmel විසින් සම්මාන උළෙල මෙහෙයවන බව සඳහන්. මේ වනවිට මෙවර සම්මාන සඳහා නිර්දේශ නාමයන් පිළිබඳව නිවේදනය කොට ඇත. හොලිවුඩ් පුරයේ OSCAR සැණකෙළිය පසුගිය මාසය පුරාමත් පැවති බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.
ඉතිහාසයෙන් බිඳක්
1929 වර්ෂයේ George Stanley විසින් ප්‍රථම වරට Academy සම්මාන උළෙලක් පවත්වනු ලැබිය. ඒ Hollywood roosvelt හොටලයෙදියි. පියවරෙන් පියවර වර්ධනය වුනු සම්මාන උළෙල රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍යයෙන් සජීවීව විකාශනය කිරීමද ආරම්භ විය. වාර්ෂිකව පැවැත්වෙන Academy හෙවත් OSCAR සම්මාන උළෙල Academy of Motion Picture Arts and Sciences (AMPAS) මගින් පවත්වන්නකි. විනොදාශ්වාදන මාධ්‍යක් උදෙසා පැවැත්වෙන ලොව පැරණිම සම්මාන උළෙලක් ලෙසද OSCAR සම්මාන උළෙලට ඉතිහාසමය වටිනාකමක් තිබේ.
89 වැනි OSCAR සම්මාන උළෙල 2017 වර්ෂයේ මාර්තු මස පැවැත්විය. එහිදී 2016 වර්ෂය සඳහාවූ විශිෂ්ටතා සම්මාන ප්‍රධානය සිදු කෙරින. හොඳම නළුවා ලෙස Casey Affleck සම්මාන දිනා ගත්තේ Manchester by the sea චිත්‍රපටයේ රංගනය උදෙසායි. හොඳම නිළිය ලෙස La La Land චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වුනු Emma Stone සම්මාන දිනාගෙන තිබිණ.
මෙවර 90 වැනි Academy (OSCAR) සම්මාන උළෙල සඳහා නිර්දේශිත නාමයන් අතුරින් සම්මානලාභීන් කවුරුන්දැයි දැනගැනීමට අද දවසේ ඔබට හැකියාව ලැබෙනු ඇති.
Written by Nisanka Weheraduwa