“දූ අනුරාධා” සුගායනය තවත් සත් දිනකින්

Avatar Nisanka Weheraduwa | March 3, 2018 69 Views 0 Likes 0 Ratings

69 Views 0 Ratings Rate it

විශාරද සංගීත නිපුන් සනත් නන්දසිරි දශක පහකට අධික සංගීත දිවියේ සන්ධිස්ථානයක් පසු කිරීමට සියලු කටයුතු සුදානම්. ඒ ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි නමින් මිට දශක හතරකට ඉහතදී ඔහු අතින් නිමැවුනු දු අනුරාධා ගීතය පාදක කරගනිමින් පැවැත්වෙන සංගීත ප්‍රසංගය සමගිනුයි. විවිධ අවස්ථාවන්හි මේ තිදෙනා එක්ව ගීතවත් වී ඇති නමුත් මෙය සුවිශේෂී අවස්ථාවක් වනවා. දු අනුරාධා ප්‍රසංගය කලකට පසුව ඔවුන් තිදෙනා එක්ව ගී ගයන අති දැවැන්තම ගී ප්‍රසංගය වනවා.

ඔහුගේ දියණිය අනුරාධා නන්දසිරි මෙන්ම බිරිඳ මල්කාන්ති නන්දසිරිද ගායන ශිල්පිනියන් ලෙස රසිකයින් අතර නමක් දිනාගෙන සිටින ශිල්පිනියන්. එමෙන්ම මල්කාන්ති නන්දසිරි පවුලේ ගායිකාවන් සංගීත ශිල්පී ශිල්පිනියන් රැසක් සමග සංගීතයෙන් පොහොසත් වුනු පවුලක්. මේ සියල්ලේ එකතුවක් ලෙස මෙම අපුරු ප්‍රසංගය පැවැත්වීමට මෙවර කටයුතු සංවිධානය කොට තිබෙනවා.

මාර්තු 11 වැනි ඉරිදා සවස 6.30ට කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ප්‍රසංගය පැවැත්වෙනවා. සිහෙල Time & Space, ප්‍රසංගයේ සංවිධායකයින් ලෙස කටයුතු කරනවා. ප්‍රසංගය සඳහා වන ප්‍රවේශපත් දැන් ඔබට වෙන්කරවාගැනීමේ අවස්තාව තිබෙනවා. කලකට පසුව අපුරු ගීතවත් සැන්දෑවක මිහිර විඳගන්නට නෙලුම් පොකුණ රඟහලට රැස්වන ලෙස නන්දසිරි පවුල සංගීතකාමී රසවතුන් වෙත ඇරියුම් කරනවා.

Share

69 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.