ඒ සොඳුරු සිත්තම මම දෙවරක් ම නැරඹුවෙමි – ප්‍රේක්ෂක අදහස්
” Colour “සිංහල චිත්‍රපටය ඉතාම සියුම් ලෙස ආත්මීය ආමන්ත්‍රණයක් කරන්නා සේ මට දැනුනි.ලංකාවේ චිත්‍රපටි කලාව “සිහිනය දිගේ රැගෙන යමින් සුපිරි කකුල් පෙන්නන ” සමයක කලර් සැබවින්ම මට සිත්තමක් විය.
ඉසුරු නම් නවක සිනමා කරු සිය වස්තු බීජය කරගෙන ඇත්තේ ඉතාම සරල අවස්ථාවකි.නමුත් කතාව දිග හැරෙන විට සහ අවසානය කරා ගලා යන විට ප්‍රේක්ෂකයකු ලෙස මන් අතරම වී සිටියෙමි.ඒ ඒ තරමටම මේ නිර්මාණය මට දැනුනු බැවිනි.කතාවට අනුව සිත්තරෙක් දනපති පන්තියේ කෙල්ලක් හා ගොඩ නගන සම්බන්ධයක් පාදක කර ගත්තද ඒ ඔස්සේ සියුම් ලෙස නුතන චිත්‍ර ශිල්පීන්ගේ ඛේදනීය ඉරණම ඉසුරු හුවා දක්වන්නා සේ මට දැනුනි.
එමෙන්ම මින්සුන් ” ගැටුම තුළ තීරණ ගැනීමෙන් ඇතිවන අයහපත් තත්ත්වයත් ” අවසානයේ ” තමන්ට වැරදුනු වග පසක් වන මිනිසෙකු තම ආත්මය තුල අසරණ වන ආකාරයත් ” මන් දුටිමි…..කතාව අවසානයේ මං අතරමන් වී උන්නෙමි…..
කමල් අද්දරආරච්චි නම් පරිනත රංග වේදියා ද්විතික තලයක රංගනයක් කරනු සැබවින්ම ප්‍රශංසනීයයි.නමුත් කමල්ගේ වියපත් සමයේ රංගනය තුළ මා දුටුවේ අබ්බගාතයෙකු මිස සිත්තරෙකුගේ වියපත් හා ඛේදනීය පෙනුම නොවේ.නමුත් ඒ මට දැනුනු ආකාරය පමණි.සඳනි සුලක්නා නම් රංගන ශිල්පිනිය තම යුතුකම ඉටුකර ඇත.සංඛ දිනෙත් ගේ සංගීතයට මන් එකඟ නොවෙමි.මක් නිසාද යත් මෙතරම් සියුම් නිර්මානයක සංගීතයට මිට වඩා බලපෑමක් කිරීමට හැකි වීම සහ එය වෙසෙසින් අවැසි වීමයි…..
කෙසේ වතුදු ඉසුරු භාවිතා කරන සංඛේත භාවිතය සැබවින්ම ප්‍රබලය.
ඒ තුළ සැබෑ කතිකාවක් ගොඩ නගන්න ඔහු සමත් වී ඇත.
Written by Cinema.lk A