ජුරාසික් පාක් හි සුදු සීයා මිය යයි
ජුරාසික් පාක් ගැන ඔයාලට අමුතුවෙන් දෙයක් කියන්න ඕන වෙන්නේ නැනේ.ඒ චිත්‍රපටය ඇත්තටම නොබලපු කෙනෙක් නැති තරම්.ජුරාසික් පාක් පළමුවැන්න,දෙවැන්න වු ලොස්ට් වර්ල්ඩ් හි රඟපැ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙකු ගැන කණගාටු දායක පුවතක් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.සුදුම සුදු කෙස් ඇති,සුදු රැවුලක් ඇති ජුරාසික් පාක් හි නිර්මාතෘගේ චරිතය හෙබවු රිචඩ් ඇටන්බරෝ අභාවප්‍රාප්ත වී තියෙනවා.පනහ දශකයටත් එහා අතීතයක පටන් සිනමාව,රංඟනය තුළ ජීවත් වු රිචඩ් දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.ප්‍රවීන රංඟධර බෙන් කිංස්ලි විසින් චරිත නිරූපණය කළ වර්ෂ 1982 දී තිරගත වුනු ගාන්ධි සිනමාපටය රිචඩ් අතින් නිර්මාණය වු අග්‍රගන්‍ය නිර්මාණයක්..ක්ෂ්‍ෙත්‍රයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වු රිචඩ්,සුප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රතිරුපයක් වු ඩෙවිඩ් ඇටන්බරෝගේ වැඩිමහලු සහෝදරයායි
Written by Cinema.lk A




