බන්දු සිනමාවෙන් සමුගනී
සිංහල සිනමාවේ වීරයන් හිටිය කාලේ ඒ වීරයන්ට සප් එකට හොඳ කොමඩි කාරයන් හිටියා.පික්චර් පිස්සන් මේ චිත්‍රපටය බලනවාද නැද්ද කියලා ඉන්න වීරයාගෙන්ම විතරක් තීරණය කලේ නැ..ඔවුන් කවුද ජෝකර් කියලත් හොයලා බැලුවා…ජෝකර් කියන තැන ඉදලා වීරයෙක්ගේ තැනට පත්වුනු අපිට ඉන්න පරණම රංඟන ශීල්පියෙක් තමයි බන්දු සමරසිංහ…හැට පැන්නත් තාම බන්දුගේ ජෝක් වලට ගහන්න ජෝක් නැත..ඒ වගේම බන්දු හා හැරෙන්නවත් විහිලු කාරයෙක් ද හොයා ගන්න නොමැත…බන්දු ඒ සා පට්ට පොරකී….
ඒත් බන්දු ගැන අහන්න ලැබෙන ආරංචි එච්චර සුභ නැ..ඔන්න බන්දු ආයිමත් පික්චර් වල රඟපාන්නේ නැතිලු.මේ කතාව කනට වැටුණේ පහුගිය ටිකේ බන්දුගේම චිත්‍රපටයක වැඩ වගයක් කරද්දීමයි..සුරංග අල්විස් අධ්‍යක්ෂණය කරපු බන්දු ප්‍රධාන චරිත මවන “මයි නේම් ඉස් බන්දු“ සිනමාපටය බන්දුගේ අවසාන චිත්‍රපටය වනු ඇති..මේ තීරණය ගැන අපිට කිව්වේ සුරංගමයි..ඉතින් තීරණය මොකක් වුනත් බන්දුගේ ඉදිරි වැඩකටයුතු වලටයි…බන්දුගේ අලුත් චිත්‍රපටයටයි අපි සුභ පතනවා..
Written by Cinema.lk A