සෝමා එදිරිසිංහ මහත්මිය අභාවප්‍රාප්තවෙයි

Avatar Cinema.lk A | November 5, 2015 279 Views 0 Likes 4 On 1 Rating

279 Views 4 On 1 Rating Rate it

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ අධිපතිනි ආචාර්ය  සෝමා එදිරිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත  වී තිබේ.

කලක සිට රෝගාතුර වි සිටි ඇය කොළඹ පෞද්ගලික රෝහ‍ලක රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

1939 ජූලි මස 5 වැනිදා මීගොඩදී උපත ලද ඇය මිය යන විට 76 වැනි වියේ පසුවිය.

සෝමා එදිරිසිංහ මහත්මිය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වූ ඊ. ඒ. පී එදිරිසිංහ මහතාගේ බිරිඳයි.

ප්‍රකට සමාජ සේවිකාවක් වන සෝමා එදිරිසිංහ මහත්මිය දේශබන්දු, දේශශක්ති යන ගෞරව නාම වලින් පිදුම් ලබා ඇත.

චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කර ඇති ඇය නිෂ්පාදනය කර ඇති චිත්‍රපට සංඛ්‍යාව 12කි.

සෙයිලම, කිණිහිරියා මල්, ඉර මැදියම, අසනි වර්ෂා, රෝස වසන්තේ,  රෑ ඩැනියෙල් දවල් මිගෙල්  ඒ අතරින් කිහිපයකි.

ඇය විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා සරසවි, ජනාධිපති, ඕ.සී.අයි.සී ආදී  සම්මාන රැසක් හිමිව ඇත.

අද දෙරණ

Share

279 Views 4 On 1 Rating Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.